කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 656ක් වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද(16) උදෑසන 10.00ට පළ කළ නවතම වාර්තාව දක්වයි.
අද දිනයේදී සුවය ලබා රෝගීන් 6දෙනෙකු පිටව යාමත් සමඟ රෝහල්වල රැඳී සිටින රෝගීන් ගණන එම අගය ගෙන තිබේ. ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 2007කි.
සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, ඉරණවිල රෝහලෙන් තිදෙනෙක්ද, කාන්තන්තුඩි රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ රෝහලෙන් එක් අයෙක්ද වෙති.
එම පිරිස අතර, කිසිදු විදේශිකයකු නොවන බවද එම වාර්තාවේ දැක්වේ.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 168කි.
වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තාව අනුව, අද වනවිට කොරෝනා ආසාදනය වූ සමස්ත ලාංකිකයන් සංඛ්‍යාව 2674ක් වී ඇති අතර, මේ දක්වා මියගිය ආසාදිතයන් ගණන 11කි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සුවය ලැබූවන් ගණන 2007ක් වෙයි