IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 11ක් අක්‍රිය වෙලා

 (ජේ.කේ.එල්. චාමින්ද)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට  ඇති  ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල  ආයුකාලය අවසන්විම නිසා  ක්‍රියාවිරහිතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  වාර්තාවක සදහන් වේ.

ජපන් ආධාර යටතේ රුපියල් මිලියන  570ක මුදලක්  වැයකොට මේවා ඉදි කෙරිණි.

මහඉලුප්පල්ලම,වාගොල්ල,සෙවණගල,පොළොන්නරුව,අරලගන්විල,බලංගොඩ,සිරිකදුර,අගුණුකොළපැළැස්ස,දෙනියාය,තවලම,කුඩව, යන ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 11වැනිදින වනවිට  ක්‍රියාවිරහිතව  පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකි කාලගුණ  විද්‍යා මධ්‍යස්ථාන 2019 වර්ෂයේ සිට 2022 දක්වා පිළිවෙළින් නියමිත පරිදි නඩත්තු නොකළ වාරගණන සියයට 69ක්,සියයට 93ක්, සියයට 92ක් හා සියයට 85ක් පැවතුණි.

එමෙන්ම 2019 හා 2021 අතර කාලසිමාව තුල ස්වයංක්‍රියා කාලගුණ මධ්‍යස්ථාන වල කිසිදු නඩත්තු කිරිමක් සිදුනොකළ අවස්ථා 47ක් නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකි උපකරණ  පද්ධති අමතර කොටස් සදහා  2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුල  රුපියල් මිලියන 123ක වියදමක් දරා තිබුණි.

 මෙකි ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති  මගින්  උෂ්ණත්වය,අර්ද්‍රතාවය,වාර්ෂාපතනය,සුළගේ  වේගය,හා දිශාව,පිඩනය, සුර්ය විකිරණ ප්‍රමාණය මනිනු ලබයි.

 

 

 

 

 

 



අදහස් (4)

ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 11ක් අක්‍රිය වෙලා

Anura Monday, 20 May 2024 01:28 PM

දේශගුණික විපර්යාස ගැන ලෝකෙට උපදෙස් දෙන්න ගිහින් ඉන්න පින්පති තුමා මේවා දැකලා නැහැ වගේ...!

:       0       11

OpathageMonday, 20 May 2024 02:22 PM

මේකෙ වැරැද්ද ඒ දෙපාර්තමේන්තුවේ ලොක්කට වුණත් පවරන්න බැහැ මොකද රජයේ ආයතනවල වැඩ කොටස් විවිධ ආකාරයට බෙදාගෙන තියෙන නිසා තමයි ඒ නිසා කාළගුණ විද්‍යා පද්ධති බාරව සිටින නිළධාරි රාජකාරි මඟහැරීම නිසා මෙහෙම දේවල් වෙන්න පුළුවන් ඒත් දෙපාර්තමේන්තු ප්‍රධානියා සතිපතා හෝ මාස්පතා අංශ ප්‍රධානීන් කැදවා ප්‍රගති සමාලෝචනයක් නොකිරීම නිසා තමයි එහෙම අඩුපාඩු වෙන්නෙ ඒනිසා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඔහුගේ වගකීම ඉටු නොකිරීම නිසා මෙහෙම වෙන්න පුළුවන් නිසා මේ දුරවලත්වයේ අඩුපාඩු ගැන වගවීම ඔහුට පැවරෙනවා.

:       0       3

නිහාල් Monday, 20 May 2024 02:09 PM

ප්‍රශ්නයක් නෑ. දැනටත් කියන්නේ accu weather එකේ දත්තනේ...!

:       0       6

wimal Monday, 20 May 2024 05:48 PM

අපේ අයගේ වැඩ කතාකරලා වැඩක් නැහැ .මෙච්චර කාලයක් කාලගුණය කියලා තියෙන්නේ අහස දිහා බලලා වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site