(රංජිත් රාජපක්ෂ )
සුවද විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි අසේල මල්ලවආරච්චි මහතා පැවසීය.
තවලකැලේ නගරයේ ප්‍රධාන දමිළ පාසලක 6 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු අද (16) දින පාසලට සුවද විලවුන් බෝතලයක් රැගෙන විත්, එය ඔහුගේ පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුට ස්ප්‍රේ කර ඇති අතර, පසුව එම සිසුන් රෝගාතුර වී ඇති බව වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේය.
රෝහල් ගත කළ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවද වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
විදුහලේ විදුහල්පතිතුමියගෙන් අප කළ විමසුමකට ඇය කියා සිටියේ 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු හිසේ කැක්කුමකට භාවිතා කරන ඖෂධ බෝතලයක් සුවද විලවුන් යැයි සිතා රැගෙන විත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුලේ නිළ ඇදුමට ස්ප්‍රේ කර ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුවඳ විලවුන් ඉව කර රෝහලේ නවතියි
ගුණරත්න Wednesday, 16 July 2025 11:06 PM
ඇමරිකාවේ මේක වසංගතයක්, පේන්ට්වල ඉව අල්ලන එක, මේකෙන් සමහර ළමයින් මොළය අක්‍රීය වෙලා ඉන්නවා මේ සුවඳ විලවුන් වල තිබෙන අහිතකර විෂ නිසා.
Bunny Preena Thursday, 17 July 2025 10:18 AM
කල් ඉකුත් වූ සුවඳ විලවුන් විය හැකිය.