( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමට අදාළව මුදල් ගිණුම් ගත කරන පුද්ගලයෙකු හංවැල්ල හරස්පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කියයි .
සැකකරු සන්තකයේ තිබී රුපියල් කෝටියකට ආසන්න මුදල් සංසරණය වී තිබූ බැංකු පොත් දෙකක් ඒ ටි එම් කාඩ්පත් තුනක් ,හා ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කළුතර එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක සිටිය දී ඝාතනයට ලක් වූ සමයං නමැත්තා ගෙන් අනතුරුව ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ කප්පම් ගැනීම් වල නිරත ව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකුට මෙම මුදල් අයත් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි .
එම ගිණුම්වලට බැර වෙන මුදල් අන්තර්ජාලය ඔස්සේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරු විසින් ලබා ගන්නා බවත් වැඩිදුරටත් අනාවරණය කළ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් සැප්තැම්බර් විසි වෙනි දින හංවැල්ල පොලිස් වසමේ නිවසකට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා බියගැන්වීම අපරාධ යට සම්බන්ධ සැකකරුවන් විසින් අපරාධය සඳහා පැමිණි යතුරුපැදිය අලුත්වැඩියා කර ලබාදුන් සැකකරුද බවත් පොලිසිය කියයි සැකකරු විසිපස් හැවිරිදි අයෙකි .
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,නියෝජ්‍ය පොලිස්පති ( අපරාධ ) අම්පාගල මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ,පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර පොලිස් සැරයන්වරුන් වන (21284) බණ්ඩාර (40248) ප්‍රසන්න (61108) දයාරත්න (72338) ලලන්ත (76687) අමිල (84762) කුමාර )(81600) සමීර මහත්තුරු පරීක්ෂණ පවත්වයි
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංවිධානාත්මක අපරාධකරුගේ මුදල් අයකැමි අත්අඩංගුවට