IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සැලසුම් කර පොලිසියට ගහලා

(සුනිල් එස්. පැල්ලන්දෙණිය)

නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් පිළිබඳව ලද තොරතුරක් මත හදිසි මාර්ග සෝදිසියක ගිය ගොකරැල්ල පොලිසියේ  තිදෙනෙකුට  මැල්සිරිපුර බස් නැවතුම්පල අසලදී  පිරිසක් විසින් වට කර සිදුකළ පහර දීමක් හේතුවෙන් එම නිලධාරින් තුවාල ලබා රෝහල් ගත කළ බව ගොකරැල්ල පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක් වූ නිලධාරින් අතර උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපලවරුන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.

මැල්සිරිපුර නගරයට අයිස් මත්ද්‍රව්‍ය පාර්ශලයක් රැගෙන මදුරාගොඩ ප්‍රදේශයේ සිට සැකකරුවන් පිරිසක් ත්‍රී රෝද රථයකින් එන බවට ලද තොරතුරක් ඔස්සේ උප පොලිස් පරීක්ෂකවරයා  තවත් නිලධාරීන් පිරිසක් සමග මැල්සිරපු නගර ආසන්නයේ හදිසි සෝදිසි මෙහෙයුමක නිරතව තිබේ.

එම සෝදිසි මෙහෙයුම් අතරතුර පැමිණි සැක සහිත යතුරු පැදිකරුවකු පොලිස් නිලධාරින් මගහැර පලා ගොස් තිබේ.

ඒ අනුව අදාල සැකකරු හඹා ගිය පොලිස් නිලධාරිහූ, ඔහු මැල්සිරපුර බස්නැවතුම්පළ ආසන්නයේ අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

එහිදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ගංජා මිටි කීපයක් හමුවීමෙන් පසු සැකකරු පොලිස්භාරයට ගෙන අත් විලංගු දැමීමට සූදානම් වූ මොහොතේ දී හදිස්සියේම එම ස්තානයට කඩා වැදුනු තවත් තරුණයන් 20ක පමණ යුත් පිරිසක් පොලිස් නිලධාරීන් වටකර පොලුවලින් සහ අතින් පයින් පහර දීමට පටන් ගෙන ඇත.

පහරදීමෙන් තුවල ලත් පොලිස් නිලධාරීන් විසින් වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා ආධාරක පොලිස් නිලධාරින් කංඩායමක් ගෙන්වා ගෙන සැකකාර තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මෙය සැකකරුවන්  පොලිසිය හිතාමතාම නොමඟ යවා පහරදීමට සිදුකළ සැලසුමක් බව පෙනී යන බැවින් සිද්ධිය පිළිබඳවම වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (2)

සැලසුම් කර පොලිසියට ගහලා

Prabha Saturday, 17 August 2024 10:30 PM

පොලිසියට ගරුත්වයක් තිබුණා නම් ඒක නැතිකරලා ගත්තෙත් ඔවුන් විසින්මයි.

:       0       0

රංබොඩ Sunday, 18 August 2024 02:09 AM

විශාල වරදක් වග පෙනේ. මේ පොලු පහර දුන්නේ රටේ නීතියට. ඔවුන්ට සුදුසු දඬුවම් ලැබෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site