හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම සෙල්ලන්කන්ද රක්ෂීතයේ සැරිසරමින් ගම්මාන වලට කඩා වැදි නිවාස වලට හානි කරමින් සැරිසැරු ගැමියන් තනි ඈහේ දඩබ්බරයා නමින් හැදින්වු වන අලියා වනජීවි නිළධාරින් විසින් අල්ලා හොරොව්පොතාන වන අලි සංරක්ෂණ ඒකකයට රැගෙන යන ලදී.
වන ජීවි නිළධාරින් පවසා සිටියේ මෙම වන අලියා අවුරුදු 40 ක පමණ වයසකින් යුත් බවත් උසින් අඩි 10 කට ආසන්න දැවැන්තයකු බවයි.
මෙම වන අලියාගේ වම් ඇස කුමන හෝ ආබාධයකට ලක්ව එක් ඇසක පෙනීම අහිමිව ඇති බවත් සිරුර පුරා වෙඩි පහරට ලක්වූ සළකුණු රැසක් දකින්නට ඇති බවත් වන ජීවි නිළධාරින් පවසයි.
මෙම වන අලියා සෙල්ලන්කන්දල් රක්ෂීතයේ සිට ගම්මාන වලට කඩා වැදි පොල් වගාවට දැවැන්ත හානියක් සිදුකර ඇති බව කියයි.
එසේම නිවාස අසලට පැමිණ බිත්ති වලට ලංවි තල්ලු කිරිමටද මෙම සද්ධන්තයා හුරු වි සිටි බව ගැමියන් පවසයි .
ඒසේම අලි වෙඩි වලට කිසිදු බියක් නොදැක්විම නිසා ගම්මාන වලට කඩා වැදිමෙන් පසුව පළවා හැරිමටද වන ජීවි නිළධාරින් මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුව තිබු බව කියයි.
වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සමග තවත් වෛද්‍යවරු වනඅලියා අල්ලා ගැනිමට එක්ව සිටි අතර වනජීවි නිළධාරින් 20 කට ආසන්න පිරිසක් දින කිපයක මෙහෙයුමකින් පසුව අල්ලා ගැනිම සිදුව තිබුනී.
මෙම සද්ධන්තයා පුත්තලම සෙල්ලන් කන්ද රක්ෂීතය ආසන්න මී ඔය කෑලෑවෙදි අල්ලා ගැනිමේන් පසු හොරොව්පොතාන අලි සංරක්ෂණ ඒකකයට රැගෙන යාම සිදුවිය .
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෙල්ලන්කන්දේ දඩබ්බරයා හොරොව්පොතානට
Rasika Wednesday, 03 February 2021 10:23 AM
සියලු ඇතුන්ගේ දළ කපා ජීවිත බේරමු එහෙනම්...