IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා උපකාර කර ගැනීමට දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින පැරණි පද්ධතීන් අකාර්යක්ෂම වීම,ඉන් සිදුවන ආදායම් කාන්දු වීමට හා අක්‍රමිකතා වැනි දුර්වලතා ඇතිවීමට හේතු වී ඇති අතර මහජනතාවට හා අදාළ වෙනත් පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටද අපහසු වී ඇතැයි රජය පවසයි.

එසේම අනෙකුත් ආයතන වල තොරතුරු තාක්ෂණ පද්ධතින් සමග ඒකාබද්ධ වී කටයුතු කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන්ද මතුව ඇතැයි රජය කියයි.

ඒ අනුව සියලුම දත්ත හුවමාරුව, අවදානම් කළමනාකරණය හා ආදායම් සැසඳුම යන මූලික කාර්යයන් ඉටුකර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරාබද දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වාදීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (0)

සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site