IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සොර බඩු සමඟ හොර කපුවා මාට්ටු

(මොහොමඩ් ආසික්)

වටිනා දේව පිළිම, ජංගම දුරකථන, යතුරු පැදි ඇතුළු දේපල රැසක් සොරකම් කළ බව කියන  දේවාලයක  කපුවෙකු අලවතුගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන  තිබේ.

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අරඹේපොල ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ බජාජ් වර්ගයේ යතුරු පැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලින් පසුව අදාළ සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුගිය ජූනි මස  18 වනදා රාත්‍රි යේ අලවතුගොඩ  අරඹේපොල ප්‍රදේශයේ මාර්ගවයක් අයිනේ නවතා තිබූ මෙම   යතුරු පැදිය සොරකම් කර ඇති බවට පොලීසියට ලැබුණු   පැමිණිල්ලක් අනුව පොලීසිය පරීක්ෂණ පවත්වද්දී එම යතුරු පැදිය වත්තේගම පිටියේගෙදර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පසුගිය 21 වනදා  වත්තේගම  පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ.

පොලීසිය , සීසීටීවී දර්ශන මගින් හඳුනා ගෙන තිබූ සැකකරු සම්බන්ධයෙන් යතුරුපැදිය හමුවූ ස්ථානයට ගොස් කළ විමර්ශණයේදී එවැනි පුද්ගලයෙකු ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන බව අනාවරණය කර ගෙන  සූක්ෂම ලෙස ශාන්ති කර්මයක් කරන මුවාවෙන් ගෙන්වා ගෙන සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් කළ වැඩි දුර විමර්ශණයේදී ඔහු  මෙයට පෙර බකමූණ කළුගඟ පාරේ පිහිටි වෙළඳ සැළක තිබූ ජංගම දුරකථනයක් , මාතලේ අළුවිහාරේ ප්‍රදේශයේ නිවසක තිබූ ජංගම දුරකථයක් මෙන්ම ලග්ගල ප්‍රදේශයේ පත්තිනි දේවාලයක තිබූ වටිනා පත්තිනි දේව පිළිම  දෙකක්ද සොරකම් කර තිබියදී පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

මෙයට අමතරව  දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී නිධානයකින් ගත් බව කියන නිල් මැණික්  ගලක් බෝතලයක බහා සැකකරුගේ නිවසේ බිත්තියකට තබා කපරාරු කර තිබියදීද  පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

 

 

 

 



අදහස් (0)

සොර බඩු සමඟ හොර කපුවා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site