(අංජුල මහික වීරරත්න)
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මූලික වියදම් සිදු කර දැනට අතරමග නවතා ඇති ව්‍යාපෘති සම්පුර්ණ කර දීමට කටයුතු කරන ලෙස මොරටුව, පේදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වලින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගනු ලබන නේවාසික පහසුකම්, ආපනශාලා වැනි අනෙකුත් පොදු පහසුකම් 2025 වර්ෂය තුළ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් නිම කිරීමටත්, ඉතිරි වැඩ විෂයයන්, ඒවායේ විෂය පථයන් අවශතා මත පදනම්ව නැවත සංශෝධනය කර 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි