IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප විකිණූ සිසුවෙකුට දඩ

(රෝෂන් තුෂාර)

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගෙ ඉල්ලීම පරිදි රුපියල් 500ක මුදලකට වට්ස්ඇප් වෙත යොමුකළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියම කළාය.

එම දඩ නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් විශ්ව විද්‍යාල දැරියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොණ කළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන්  සැකකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කළාය.

අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සැකරුට  ඉදිරිපත්කෙරිණි.

අදාළ චෝදනාවන්ට විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගන්නා බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

විත්තිකරු එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ ඉල්ලීම පරිදි රුපියල් පන්සියයක් රැගෙන අදාළ ඡායාරූපය වට්සැප් සමූහයක් වෙත යොමු කර ඇති බවත්, එම සැකකාර ශිෂ්‍යයා හෝ පැමිණිලිකාරිය කිසිසේත් හඳුනන පුද්ගලයින් නොවන බවත්,විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම සිදු කරගත් මෙම අවාසනාවන්ත ක්‍රියාව සම්බන්ධයෙන් විත්තිකරු වසරක් තිස්සේ පසුතැවෙන බවත්,නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇද්ද යන්න පිළිබඳව  විමසා සිටියාය.

පැමිණී ලිකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යාව සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගෙන ඡායාරූප සමාජ මහත්තයට මුදාහළ ප්‍රදාන සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ඔහු විසින් මෙම සැකකරුට අදාළ ඡායාරූපය පළ කිරීම සඳහා යොමු කර ඇති බවත්, රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.

අගතියට පත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකාර ශිෂ්‍යාව අදාළ සිදුවීමෙන් පසුව සියදිව  නසා ගැනීමට පවා පෙළඹී ඇති බවත් ,වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඇය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් සඳහන් කළේය.

එහිදී පැමිණිලිකාරය ශිෂ්‍යයාව අධිකරණය ඉදිරියට කැඳ වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණිලිකරිය තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්දැයි විමසා සිටියාය.

ඇය තවමත් අධ්‍යාපනය ලබන බවත්,වරද පිළිගත් සැකකරුගෙන් රුපියල් පනස් දහසක වන්දියක් බලාපොරොත්තු වන බවත් සඳහන් කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වින්දිත තැනැත්තියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කරමින් ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළාය.



අදහස් (3)

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප විකිණූ සිසුවෙකුට දඩ

හේවාවිතාරණ Thursday, 15 May 2025 05:13 PM

මේ ළමයා අර කොල්ලා පොටෝ ගන්නකන් නිරුවතින් ඌ ඉස්සරහා මොනවද කෙරුවේ .... අනික මුට විකුණන්න දෙයක් තිබුනේම නැද්ද .කුරුණෑගල පැත්තේ ගිහින් පොල් ටිකක් ගෙනත් වික්කානම් මීට වඩා ලාබයි.උසාවි යන්න වෙන්නෙත් නෑ.අමු අමුවේ ගොන් ආතල් එකක් ගන්න එකා දෙන්නා එකට එකතු වී පරිගණක ක්‍රීඩා ලෝලීන් විසින්...

:       0       5

Rajun de Silva Friday, 16 May 2025 10:42 AM

මේ වැඩේ ඕස්ට්‍රේලියාවෙ සිදුවුනා නම් අඩුම ගානේ අවුරුදු 6 ක් හිරේ. ;සහ දැරියට ලොකු වන්දියක්. කරපු එකා නෙවෙයි කරන්න සල්ලි දුන එකත් හිරේ.

:       1       6

Deshabandu Friday, 16 May 2025 02:33 PM

විත්තිකාර ශිෂ්‍යයා මීට පෙරත් තම ඥාති සහෝදරියකුගේ නිරුවත් ඡායාරූප අරගෙන අහුවෙලා හොඳට ගුටිබැට කාපු මානසික රෝගියෙක්. ගමේ අය ඔහුට කියන්නේ ටොම් ටොම් පීපින් කියලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site