IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සර්ව පාක්ෂික කතාවලට තව පක්ෂ තුනක් ජනපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය  ජනාධිපති කාර්යාලයේ දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය.

දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, ශානක්කියම් රාසමානික්කම් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි.

සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්ෂයේ අදහස් ඔවුන් දීර්ඝ ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙි. 
මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය පිළිබඳව ද ජනාධිපතිවරයා  මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය. 

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ  අතුරලියේ රතන හිමි ඇතුළු විජය ධරණි ජාතික සභාව ද   අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙි.

ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ද මෙහිදී  අවධානය යොමු කෙරිණ. 

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා රජය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා ඊයේ ආරම්භ කෙරණු අතර අද පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡා වටයයි. 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සාකච්ඡාවන්ට එක්ව සිටියේය.

 



අදහස් (3)

සර්ව පාක්ෂික කතාවලට තව පක්ෂ තුනක් ජනපති හමුවෙයි

chandima Thursday, 04 August 2022 12:39 AM

ඇමෙරිකාවෙ ප්‍රාන්තවලට වගේ නැතිනම් අසල්වැසි ඉන්දියාවේ වගේ ඒ ඒ පළාත් වලට බලතල බෙදා හැර හෝ මේ අවස්ථාවේ රට ගොඩ ගැනීමට කටයුතු කරන්න.

:       6       2

BamunuarachchiThursday, 04 August 2022 06:20 AM

සිංහලයින්ට අයිති රට දෙමළ, මුස්ලිම් අයට කෑලිකඩලා දෙන්න හදන්නේ...!

:       0       0

ජයලත් Thursday, 04 August 2022 05:14 AM

ත්‍රීවීලර් එකකවත් ගෙනියන්න පුළුවන් සාමාජිකයන් නැති පක්ෂ එක්ක මොන සාකච්ඡාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site