(ඩයනා උදයංගනී)
සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් තවම පෙනෙන්නට නොමැති බවත්, තම පක්‍ෂයට ද මෙතෙක් කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ආණ්ඩුව කුමන තීන්දුවක් ගනීදැයි නොදන්නා බවත්, සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනයක් ලැබුණහොත් එය පිහිටුවීම සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම ජනතාවගේ පැත්තේ සිටගන්නා බවත්, අරගලකරුවන්ට පහරදීම අනුමත නොකරන බවත් හෙතෙම කීය.
රටේ පවතින් ප්‍රශ්න දවසෙන් දෙකෙන් විසඳිය නොහැකි බවත්, ඒ සඳහා අන්තර්ජාතික සහය ලබාගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතා අයිතිවාසිකම් ආරක්‍ෂා විය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය නැවත ගෙන ආ යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් තාම පේන්නට නෑ
ravin Sunday, 24 July 2022 02:35 PM
අතීතය අමතකද? මතක නේද ආප්ප කාපු හැටි? ආන්න ඒ වගේ වැඩේ වෙයි...
surasena Sunday, 24 July 2022 02:46 PM
බලාගෙන ඉන්නේ ඇතුළට පැනගන්න වගේ...
NewsSunday, 24 July 2022 05:27 PM
පත්තරේ බලලාම ඉල්ලුම් පත්‍රයක් දාන්න..! මොකද පත්තරේ බලලා නොවැ පහුගිය කාලෙ වැඩකලේ..!
Sam Sunday, 24 July 2022 03:42 PM
කවුරු ගත්තත‍්.. මෙයාව නම් ගන්න එපා...
dhamneth Sunday, 24 July 2022 04:47 PM
විපක්ෂයේ සිටින කිසිම පක්ෂයක් තවම සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම් බවක් තවම පේන්න නැත.. දැන් මාස 4ක් පමණ වෙනවා සර්ව පාක්ෂික ආණ්ඩු ගැන යෝජනා ඇවිත්...
Aruna Sunday, 24 July 2022 04:56 PM
ඇයි සේවය කරන්න හදිස්සිද?
fairoosSunday, 24 July 2022 05:30 PM
හරියට හරි පුළුවන් නම් ඡන්දයකින් පත්වෙලා අලුත් ආණ්ඩුවක් හදන්න.
ganegoda Sunday, 24 July 2022 05:03 PM
නැති දේවල් නොපෙනෙනවා කියලා කෑගහන එම මානසික රෝගයක්...!
Sethuhami Sunday, 24 July 2022 05:19 PM
කකුලෙන් අදින්න ක්‍රමයක් හොයනවා.
gamming01 Sunday, 24 July 2022 05:28 PM
අපි දැන් තරගයක් ආරම්භ කරලයි තියෙන්නේ... ‘‘ කණාමුට්ටිය ගැසීම‘‘ ඕන කෙනෙකුට කණා වෙන්න පුළුවන්.. මුට්ටිය තමයි සිරිසේන අයියගේ ඔලුව...!
ලක්සිරි පැරිසියේ Sunday, 24 July 2022 08:00 PM
එයාටත් තවත් කන්න ඕනෙලු. පත්තරේ දැකලා වගේ...
Bamunuarachchi Monday, 25 July 2022 07:10 AM
එතනත් ඇතුලට රින්ගන්නයි කල්පනාව