IMG-LOGO

සර්ව පාක්ෂික ආණ්ඩුවකට පෙළ ගැසෙති

(අජන්ත කුමාර අගලකඩ)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ රැසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පස්වරුවේ රැස් වී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ජාතික ජන බලවේගය හැරුණුකොට විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් සහභාගී වී ඇතැයි වාර්තා වේ.

අතුරලියේ රතන හිමියන් ද, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂමන් කිරිඇල්ල,රවුෆ් හකීම් ,වාසුදේව නානයක්කාර ,පාඨලී චම්පික රණවක ,එම් ඒ සුමන්තිරන්,උදය ගම්මන්පිල, ජීවන් තොන්ඩමන්,මොහොමඩ් මුසම්මිල්, ගෙවිදු කුමාරතුංග ,දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ,ඒ එල් එම් අතාවුල්ලා, අනුර ප්‍රියදර්ශන යාපා ,මහාචාර්ය චරිත හේරත් ,ප්‍රේමනාත් දොලවත්ත,චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල මහාචාර්ය තිස්ස විතාරණ යන මන්ත්‍රීවරුන් ද ඊට සහභාගි වී ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවීම සම්බන්ධයෙන් මෙන්ම, විසිඑක්වැනි සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

 



අදහස් (3)

සර්ව පාක්ෂික ආණ්ඩුවකට පෙළ ගැසෙති

ravin Tuesday, 05 July 2022 10:03 PM

ඔක්කොම මහදැනමුත්තලා එකතුවෙලා හදන්නේ මුට්ටිය බේරගන්න මිස එළුවව බේරගන්න නොවෙන හැඩයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 06 July 2022 07:05 AM

මේ රට නැමැති නැවෙහි මිනිසුන් සියලු යස ඉසුරෙන් පිරි ජීවිතයක් ගත කළා.නැව හොඳ ගමනක් ගියා.ඒත් කිසිදා නොපිපෙන කිඩාරම් මල් පොහොට්ටුවක් මේ නැවට වැටුණා .කිඩාරම් මල් පොහොට්ටුවේ සිටි දූෂිතයන් නැවේ සියළු දේ හොරකම් කරා.දූෂණ වංචාව ඉවවහා ගියා.නැව හිස් උනා. නැවේ සිටින මිනිසුන් බංකොලොත් උනා.නැව මුහුද මැද අතරමං වෙලා.නැව නිවැරදි දිසාව බලා පැදවිය නොහැකි අදක්ෂ නැව් කප්පිත්තා ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය තාමත් නැවට අරක්ගෙන සිටිනවා.

:       0       0

Saththaya Wednesday, 06 July 2022 08:47 AM

මේ වෙලාවේ බලයට කෑදරකමේ පුස්වැඩ කරකර ඉන්නකොට මිනිස්සු මැරිලා තියෙයි. නියම රටට ආදරේ නම් ඔය කට්ටියත් බලයේ ඉද්දි නීති විරෝධීව උපයාගත් ධනස්කන්දයක් තිබේ නම් වහාම රජයට බාරදෙන්න. පිටරට හංගලා තියෙන සල්ලිත් එක්කම.., එතකොට අනික් කට්ටියත් ඒ පිළිවෙත අනුගමනය කරයි. දැන් උපාසකයින් වෙන්න බැහැ ලේසියෙන්. ජනතාව මේ විඳින දුකට ඔය සැමදෙනාම වගකිව යුතුයි.. දේශ ප්‍රේමියොත් එක්කම...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site