IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සූරියවැවේ ජල පාලන ගේට්ටුව කැඩෙයි

(අමදෝරු අමරජීව )

කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරියපුර පිහිටි සුරිය වැවේ සවි කරතිබු කාන්ති වැවට ජලය මුදා හරින ගේට්ටුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැඩි ගිය බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුව නිසා සුරියපුර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවි ගිය අතර කන්තලේ සේරැනුවර මාර්ගයද ජලයෙන් යටවි ගියේය.

ගේට්ටුව සවි කර ඇති ස්ථානයේ බැම්ම මතින් නිරන්තරයෙන් අලි ගමන් කරන අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙම ගේට්ටුව කැඩි යැමට ඒය හේතු වන්නට ඇතැයි කන්තලේ වාරි මාර්ග ඉංජිනේරු එස්.ඒ.චින්තක එස්.සුරවිර මහතා පැවැසිය.

ගලා යන ජලකඳ පාලනය කර නිවාස හා මාර්ගය යටවිම වැලැක්වීමට තාවකාලිකව පිළියමක් ලෙස ආරක්ෂක අංශ,ගම්වැසියන් එක්ව වැලි ගෝනි ගසා වසා දමා තිබේ.

 



අදහස් (0)

සූරියවැවේ ජල පාලන ගේට්ටුව කැඩෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site