(ගයාන් සූරිය ආරච්චි)
නිවසේ සුනඛයාට දැමූ ආහාර නරක් වීම හේතුවෙන් මව සමඟ ඇති වූ ආරවුලකදී පුතා විසින් මව තල්ලු කිරීමෙන් පසු ඇද වැටි තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) මියගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි දීප මාලා කුමාරි විජේසිංහ (57) නැමැති කාන්තාවකි.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතා (24) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
නිවසේ ඇති කරන සුනඛයාට ලබාදුන් ආහාර නරක් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව සහ පුතා අතර ඉකුත් (20) දින ආරවුලක් ඇති වී තිබූ අතර එහිදී පුතා විසින් මව තල්ලු කර දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී තුවාල ලැබූ මව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටී ඇතිවූ තුවාල නිසා සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සුරතලාට නරක්වූ කෑම දුන් සිද්ධියකට තල්ලු කළ මව රෝහලේදි මරුට
fairoos Tuesday, 24 December 2024 01:40 PM
අම්මට වඩා සුරතල් සතුන් වටිනවා .කාලකන්නි
රත්‍තරන් අම්මා Tuesday, 24 December 2024 04:07 PM
කාන්තාවකට ලැබිය හැකි උපරිම වේදනාවන් ලබා මෙලොවට බිහිකර දුක් මහන්සියෙන් මගේ පුතා කියමින් තමන්ගේම ඇහැවගේ රැකගත් අම්මාට වඩා කොලුවාට අම්මාට වඩා සුරතලා ලොකුවෙලා තියෙනවා. විවාහයක් හෙම කරගෙන හිටියානම් කොහොමවේද කියලා හිතාගන්න බැහැ. පියා මැරූ අජාසත්තගේ බිරිදට දරුවෙක් ලැබුනාට පස්සෙ පියාගෙ වගකීම පෙන්වාදෙන්න මව හිටියා වුණත් මූට හොද නරක කියාදෙන්න කෙනෙක් නොහිටීවි.
lankasri Tuesday, 24 December 2024 09:21 PM
අවීචි මහා නරකාදියේ කල්පාන්තරයක් පැහෙන්න තරම් ඔය ලස්සනට වැඩ සිද්ද කරගෙන තියෙන්නේ...
sam Wednesday, 25 December 2024 05:59 AM
මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න... !
ගුනපාල Wednesday, 25 December 2024 07:54 AM
හිරකරු මානව අයිතීන් සංගමයේ අය ටික හමගහන්න ඕනෑ... මේ වගේ කාලකන්නි වෙනුවෙන් කතා කරනවාට..!