IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’සුරක්ෂා’’-’’උරුමය’’ මැතිවරණ කොමිසමෙන් නවත්වයි

(සුජිත් හේවාජුලිගේ)

සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම්  ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා අැතුලු ප්‍රධානීන්ට  දැනුම් ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි බෙදාදීම්වලට කොමිසමේ විරෝධයක් නැතත්  ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක එවැනි බෙදාහැරීම් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධා එල්ල විය හැකි හෙයින්  ඒවා ඡන්දය අවසන් වනතුරු තාවකාලිකව  නතර කිරීමට සිදුවන බවයි.

මේ අතර විවිධ පාර්ශ්වවලට විවිධ දීම නා ගෙවීමද මේ අවස්ථාවේදී කළ නොහැකි බව කොමිෂන් සභාව  සඳහන් කරයි.

කොමිසම ඒ සම්බන්ධයෙන්  සාකච්ඡා කරන බව සභාපතිවරයා කීවේය.

පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ඔප්පු ගෙවීම ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන්  සභාව ජනාධිපති ලේකම්වරයාට පෙරේදා 3 ලිපියක් යවා ඇත.



අදහස් (3)

’’සුරක්ෂා’’-’’උරුමය’’ මැතිවරණ කොමිසමෙන් නවත්වයි

Ranjan Monday, 05 August 2024 04:12 PM

ඔය සුරක්ෂා රක්ෂණය එකපාරක් නැවැත්වුවා ලොකු දූෂණයක් නිසා. අනිත් එක උරුමය? කොහේ තියෙන උරුමයක්ද? ඔය නිකම් කඩදාසි විතරයි. ඔය උරුමය ගත්තු කෙනෙක් දැකලා තියෙනවද තමන්ට ලැබුණු ඉඩම් කොටස ඇස් දෙකෙන්...? ඔය ඇස්බැන්දුම් ඔක්කෝම නාකි රනිල්ගේ වැඩ. රටවැසියන්ව රැවට්ටුව චෝදනාවට රනිල්ට කවදාහරි කුඩුවට යන්න වෙනවා...

:       5       15

සෙනෙවිරත්න Monday, 05 August 2024 06:19 PM

රට පාලනය කලේ තමුන්ලා නේද , ඔප්පු දෙන්නෙ තමුන්ලාම මිස ජනතාවද? ඇයි මේ හදිසිය? වැරදි වැඩ කරලා රජයන් පිහිටුවා ගන්න හිතන්නවත් එපා, බංගලාදේශයේ වැරැදි තීරණ ගනිපු අගමැතිණිය පැනලා ගියා... මෙහෙත් එහෙම වුණා. ආයෙම එහෙම නොවෙන එකක් නැහැ.

:       4       7

Swene Tuesday, 06 August 2024 08:47 AM

කටිනුයි තගෙනුයි වැඩ කරන්නේ නැති නීති ගරුක හෘද සාක්ෂියට එකඟ නායකයෙක් කවදද අපට ලැබෙන්නේ? එහෙම කෙනෙක් පත්කර ගැනීමට අපට ඥානය ලැබේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site