(දිලංගා ගෝමස්)
බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට ලබාදීමට හෙරොයින් රැගෙන අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කළ බව කියන අයකු ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ මුර පොලෙහි පොලිස් නිලධාරීන් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි දෙහිවල කව්ඩාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි
අධිකරණ භූමියට පැමිණෙන පුද්ගලයන් පරික්ෂා කිරීමේදී සැකකාර පුද්ගලයාගේ මුදල් පසුම්බියේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 30 බැගින් අඩංගු හෙරොයින් පැකට් 5ක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.
අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන දැනට බන්ධනාගාරගතව සිටින තම මිතුරාට ලබාදීම සඳහා මෙලෙස සැකකරු විසින් හෙරොයින් ගෙන ආ බවට පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පොලිස් මුර පොලෙහි වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපුල් මහතා, පොලිස් කොස්තාපල්වරුන් වන 97385 රත්නායක,78280 ප්‍රියංකර,93709 අනුරුද්ධ,99629 දිල්හාර, කාන්තා පොලිස් කොස්තාපල්වරිය වන සකුන්තලා යන නිලධාරී විසින් මෙම සෝදිසි කිරීම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරකරුවකුට කුඩු දෙන්න ගිහින් මිතුරා අමාරුවේ වැටේ