
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස් තවත් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු ඇල්පිටිය මූලික රෝහලේ සහ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරුවන ඇල්පිටිය,වල්ලඹගල, සුගතපාල මාවතේ පදිංචි කාලිංග නිහාල් සෝමරත්න නැමැති 68 හැවිරිදි තිදරු පියෙක් සහ ඔහුගේ මුණුබුරා වන. තිනූල ප්‍රනාන්දු (10),මිණිබිරිය වන සෙනුලි ප්‍රනාන්දු (07), යන දරුවන් දෙදෙනායි.
ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි මියගිය රියදුරුගේ බිරිඳ (61) ඔහුගේ දියණිය (35),යන දෙදෙනාද දැනට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ දහට හැවිරිදි අනෙක් මිණිබිරිය, ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඇල්පිටිය දෙස සිට අවිත්තාව දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථය අවිත්තාව දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ මුහුණ්ට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
Asith Sunday, 21 April 2024 10:00 AM
ත්‍රී වීල් පාරේ යන විදියට මෙහෙම වුනේ නැතිනම් තමා පුදුමේ. මිය ගිය අයට නිවන් සුව...!
NimalSunday, 21 April 2024 12:22 PM
අනතුර පිළිබඳව නිසි කරුණු විමසීමකින් තොරව නිගමන වලට එලඹීම සුදුසු නැහැ.
යෝගා Sunday, 21 April 2024 11:17 AM
ත්‍රී වීල් එකේ 6 දෙනෙක්ම ගිහින්!!!
Bandula Sunday, 21 April 2024 11:21 AM
අපේ රටේ හදිසි අනතුරු වැළැක්වීමට නිසි පියවරක් තවමත් නැහැ.. අහෝ රටකට ගිය කලක්...!