IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට ඩයලොග් වෙතින් නොමිලේ අන්තර්ජාල පහසුකම්

ලෝක ළමා දිනය නිමිත්තෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපාන සේවා අමාත්‍යංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379 වෙතම නොමිලේ අන්තර්ජාල සබඳතා සැපයීමට කටයුතු කළේය.

ඩයලොග් සමාගම එහි ආරම්භයේ පටන්ම, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් පිරිනැමීම උදෙසා සිය තාක්ෂණයන් සහ හැකියාව යෙදවීමට කටයුතු කර ඇත. මේ අතරට ඩයලොග් ආයතනය විසින් ප්‍රජා ආයෝජන රැසක් සිදුකර තිබේ. ඒ අතුරින් නැණස ඩිජිටල් අධ්‍යාපන මාධ්‍යය හරහා පාසල් 2000 කට සන්නිවේදන පහසුකම් ලබාදීම, ඩයලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ මෙරට නිවාස මිලියන 1.6කට නැණස අධ්‍යාපනික නාලිකා තුළින් සම්බන්ධවීමේ හැකියාව සැලසීමත්,  නැණස ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම සහ සියලු පාසල් ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ ‘නැණස ස්මාර්ට් ස්කූල්’ වැඩසටහන සහ ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන අයත් වේ.

වසර දෙකක කාලයක් සඳහා වන මෙම වැඩසටහනේදී, දිවයින පුරා පිහිටි සියලු ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් 10,632 කට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ- තක්සලාව අධ්‍යාපනික වෙබ් අඩවිය හරහා උසස් මට්ටමේ අධ්‍යාපනයක් වෙත පිවිසීමේ අවස්ථාව වෙනුවෙන් පහසුකම් සැපයේ.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සෑම දරුවකුටම යහපත් අනාගතයක් උදාකරමින් සියල්ලන්ටම සම අධ්‍යාපන ප්‍රවේශය ලබාදීම පිණිස වන අපගේ මෙහෙවර පෙරට රැගෙන යෑමට අවස්ථාව සැලසීම වෙනුවෙන් කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍යංශ්‍යට අප අපේ ස්තුතිය පිරිනමනවා.”



අදහස් (0)

සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට ඩයලොග් වෙතින් නොමිලේ අන්තර්ජාල පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site