IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සියරා ලියොන් ඡන්ද නිරීක්ෂණයට ලාංකිකයෝ දෙදෙනෙක්

(සුජිත් හේවාජුලිගේ )

සියරා ලියොන් රාජ්‍යයේ  පාර්ලිමේන්තු සහ පළාත් පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට  ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ද  තෝරා ගනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී  ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු  රෝහිණි මාරසිංහ මහත්මිය  සහ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වන වේලුපිල්ලේ කනනාදන් මහතා ඒ දෙදෙනා වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර නිරීක්ෂකයන් පවසන්නේ අප්‍රිකානු රටක  මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට මෙලෙස අවස්ථාව හිමිවීම සුවිශේෂ කරුණක් බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමටද රෝහිණි මාරසිංහ මහත්මිය මෙයට පෙර එක් වූවාය. කනනාදන් මහතා  කෙන්යාවේ සහ නයිජීරියාවේ පැවති මහමැතිවරණ වලදීද මැතිවරණ නිරීක්ෂකයකු ලෙස  මීට ඉහත කටයුතු කළේය.

මේ අතර රෝහිණි මාරසිංහ මහත්මිය එරට  සත්‍යය හා සංහිඳියා කොමිසමේ සභාපති රදගුරු ආචාර්ය ජෝසෆ්  සම්පර්  මහතාද ලබන සතියේදී මුණ ගැසීමට නියමිතය.

දකුණු අප්‍රිකානු  සත්‍යය හා සංහිඳියා කොමිසමේ අත්දැකීමක්  අධ්‍යයනය කර ශ්‍රී ලංකාවටද එවැනි ආකෘතියක්  හඳුන්වා දීමට කටයුතු කරන බව රෝහිණි මාරසිංහ මහත්මිය පැවසුවාය. මේ අරමුණ ඉටුකර ගැනීම සඳහාසියරා ලියොන් රාජ්‍යයේ  සත්‍යය හා සංහිඳියා කොමිසමේ සාමාජිකයන් සමඟ පූර්ණ සංවාදයක නිරතවීමටද ඇය අපේක්ෂා කරන්නීය.



අදහස් (2)

සියරා ලියොන් ඡන්ද නිරීක්ෂණයට ලාංකිකයෝ දෙදෙනෙක්

කොමසාරිස් Tuesday, 27 June 2023 10:45 PM

දැන් ඉතින් ආයෙ ලන්කාවෙ චන්ද නැති එකේ මෙහෙම හරි යන එක හොදයි

:       0       2

සහෝදරත්වය Wednesday, 28 June 2023 01:00 AM

හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වාගෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site