IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්වෙයි

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය. 
 
එම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී වූහ. 
 
නෞකාව පෙබරවාරි 07 වන දින පකිස්ථානයේ කරච්චි වෙත ළඟා වීමට නියමිතය.
 
බහුපාර්ශවික අමාන් පුහුණු අභ්‍යාසය 2019 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පැවැත්වේ.
 
ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මැලේසියාව, මාලදිවයින, නයිජීරියාව, පිලිපීනය, කටාර්, රුසියාව ඇතුළුව රටවල් 44 ක නාවික හමුදාවන්වලට  අයත් නෞකා සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක් මෙම අභ්‍යාසය සඳහා යොදාගැනීමට නියමිතය. 


(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

(36698)



අදහස් (1)

සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්වෙයි

බිනේකා Sunday, 03 February 2019 05:10 AM

ඇමරිකා රජය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන පුද්ගලික ගෞරවය නිසා ලංකාවට තෑගි දීපු නෞකාවක් ඕක - සයුරළ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site