(නිශාන්ත කුමාර )
කන්දකැටිය මංසන්ධිය ආසන්නයේ පිහිටි නිවසක් මතට අද (22) උදෑසන දැවැන්ත සියඹලා ගසක් කඩා වැටීමෙන් ඒම නිවස මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු හාස්කමකින් මෙන් දිවි ගලවා ගෙන ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
ඇද හැලෙන මහ වැසි සමග සියඹලා ගසේ මුල් බුරුල්වීමෙන් වීමෙන් සියඹලා ගස ඉදිරී බිම වැටී ඇත.
මහ හඬක් නංවමින් සියඹලා ගස ඉදිරි නිවස මතට ඇද වැටී ඇති අතර එම හඬ ඇසුණු නිවැසියෝ නිවසින් එළියට පැන දිවි ගලවා ගෙන ඇත.
ගස ඇද වැටීම් හේතුවෙන් නිවසේ මුළුතැන් ගෙය ඇතුළු කාමර කීපයක වහල කැඩී ගොස් ඇති අතර බිත්ති බොහොමයක් පුපුරා ගොස් ඇත.
හානියට පත් නිවසේ හිමිකරු දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය පවුල නඩත්තු කරන අතර අගනුවර ප්‍රදේශයට ගොස් කුලී වැඩ කිරීමෙන් මුදල් හම්බකර මෙම නිවස තාවකාලිකව මෙසේ ඉදිකර ගෙන ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සියඹලා ගසක් නිවසක් මතට වැටෙයි නිවැසියන්ගේ දිවි බේරෙති