IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සියඹලාපිටිය අනුරට උත්තර දෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වර්ෂය ආරම්භ වී දින ගණනක් ගත වී ඇති මොහොතේ රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 වසර 20කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස දිසානායක මහතා මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මාර්තු මාසයට පසුව බව පෙන්වා දුන් සියඹලාපිටිය මහතා කියා සිටියේ රජය ඉදිරිපත් කර ඇත්තේ පරිපූරක ඇස්තමේන්තුවක් නොවන බව පැවසීය.

විසර්ජන පනතේ හය එක වගන්තිය යටතේ විශේෂ කරුණක් සඳහා මුදලක් වෙන් කිරීම සඳහා රජයට හැකියාව ඇති බවත් ඒ පිළිබඳ මාස දෙකක් ඉක්ම යාමට පෙර පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. 



අදහස් (12)

සියඹලාපිටිය අනුරට උත්තර දෙයි

saman Friday, 12 January 2024 05:08 PM

මොන ඇස්තමේන්තුව ගැහුවත් රටේ මිනිස්සුන්ගේ මුදල් තමයි නාස්ති කරන්නේ.. බන්දුල කිව්වා නිවාඩු මාසෙට ස්කූල් සීසන් එක දෙන්න බෑ කියලා... එහෙනම් කොහොමද රනිල්ට රට යන්න සල්ලි දෙන්නේ..? 

:       17       22

Kazi Shajahan Friday, 12 January 2024 05:15 PM

ඕක අපිට පරිපූරකද, ඇස්තමේන්තුද කියලා වැඩක් නෑ. ඇයි ඇගයීම් වෙන් කරන්නේ ජනපතිට...? කළින් කරපුවා මදිද? ඒකට විතරක් රිප්ලයි කරන්න විකාර නැතිව...

:       9       10

ගමේ එකාලා Friday, 12 January 2024 06:00 PM

පොහොට්ටුවේ හොර දූෂිතයෝ ඔලුවෙන් හිටගෙන මොනවා කිව්වත්, ජනතාව ඔවුන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.

:       9       11

Rata Perata Friday, 12 January 2024 06:23 PM

නම මොනවා වුණත් අපේ බදු සල්ලි කන්න නේ හදන්නේ? පිනට රට සවාරි යන්න ලක්ෂ 2000යි. ටෙලිකොම් විකුණන වැඩේ කරන්න ලක්ෂ 13000. මේ අය හිතන්නේ අපි හරක් කියලද? 

:       5       19

swene Friday, 12 January 2024 08:41 PM

කුමන හේතුවක් මත හෝ ජනවාරි මාසයේදීම නැවත මුදලක් ඉල්ලන්නේ නම් අයවැය ලේඛනය කිසිම වැඩක් නැති කරදහියක් බව නොවේද?

:       4       17

Deepthi Friday, 12 January 2024 11:18 PM

වචනයක් අල්ලගෙන දඟලනවා. පරිපූරක ඇස්තමේන්තුවක් වේවා, විසර්ජන පනත හෝ වේවා, ඊයේ පෙරේදා තිබ්බ අයවැයෙන් සම්මත නොකරගත්, ජනාධිපතිවරයාගේ අමතර වියදම්වලට සල්ලි ඉල්ලීමක් තමයි මේ කරලා තියෙන්නේ...!

:       4       12

Bamunuarachchi Saturday, 13 January 2024 03:25 AM

අනුර නොදන්න මගුලක් නැහැ... හැමදේම දන්නවා, අවුරුදු 58 දේශපාලනය කලා අවුරුදු 58 වේදිකාවේ මොර දුන්නා ඒත් කිසිම දවසක දේශපාලනය නොකළ කිසිම දවසක වේදිකාවට නොනැග්ග ඝෝඨාභය මහතාට සිංහල බෞද්ධ ඡන්ද ලක්ෂ 69 කින් පරාදයි... ඒ ඇයි? ඒ ඝෝඨාභය නිසා නොවෙයි, සිංහල බෞද්ධයා විය යුත්තේ කොහොමද කියා හිතන විදිහයි...

:       10       27

බී අමරසිංහ Saturday, 13 January 2024 04:29 AM

විශේෂ කරුණක් කියලා මොනවා කිව්වත් මහජන මුදල්...!

:       2       7

R. Fernando Saturday, 13 January 2024 09:48 AM

සියඹලා කොහොම කිව්වත් වරදක් වෙලා කියලා කියන්න බැරිකමක් නැහැ.. සාමාන්‍යයෙන් අයවැය අනුමතවෙලා වොර්න්ට් බලපත්‍ර ලියන්න පෙරම මෙහෙම වෙන්නේ කොහොමද? එහෙනම් අයවැයේ කුමක් හෝ අඩුපාඩුවක් තියෙනවා කියන්න පුළුවන්...!

:       7       13

කළුතර Saturday, 13 January 2024 12:40 PM

මේ කවුරුවත් රටට ආදරය අය නෙවෙයි. මොවුන් වචන එක්ක සෙල්ලන් කරලා ශේප් වෙන අය... මොවුන්ගේ ගිණුම් වල අපේ දුප්පත් සල්ලි ගොඩගහගෙන තොලොන්චි වෙයි. මේ සැරේ කොහොමහරි මොවුන් පන්නමු...!

:       18       11

මෝල Saturday, 13 January 2024 01:40 PM

මේක සුදු හුණු ගාන්නේ කාටද? ලක්ෂ 2000 ක් රට සවාරියට සහ වාහනවලට, අය වැයෙනුත් ලක්ෂ ගණන් සල්ලි වෙන්කරලා තියෙද්දී, මොවුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ. මිනිස්සුන්ට වේල කන්න නැහැ... බෙහෙත් ගන්න සල්ලි නැහැ...

:       3       11

Athula Sunday, 14 January 2024 01:52 PM

ඔහු ඔහුගේ වගකීම අකුරටම ඉෂ්ට කරන නිසා තමයි ඔබලාට ඔහු හිසරදයක් වෙලා තියෙන්නේ... පුතාණෝ වගේ ගොබ්බයෙක් වුණා නම් ඔබලාට බොහොම සතුටුයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site