IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සාම සාධක බළකාය දිවයිනට

(ගයාන් සූරියආරච්චි)

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සදහා මෙරටින් පිටත්ව ගිය යුද හමුදා භට පිරිස් වසර 7 ක සාම සාධක මෙහෙයුම් අවසන් කරමින් යළි කටුනායක ගුවන්තොටුපොළට අද (24) පැමිණි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසීය.

යුද හමුදා මාණ්ඩලික නිලධාරීන් 14 ක් ඇතුළු සෙසු නිලයින් 1099 ක් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා ඉකුත් 2017 වසරේ යොදවා තිබූ අතර එම බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කර්නල් පින්සර වික්‍රමාඅරච්චි මහතා කටයුතු කළේය.

සාම සාධක මෙහෙයුම්වලින් විදේශ විනියම ලෙස රුපියල් මිලියන 14,524 කට අධික මුදලක් මෙරටට උපයාදී ඇති බව රසික කුමාර මහතා කීය.

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමේ යෙදී සිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනකු කැරලිකරුවන් විසින් ඇටවූ පුපුරණද්‍රව්‍යය ඇටවුමකට හසුව 2019 වසරේ මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එලෙස මියගොස් තිබුණේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එස්. විජේකුමාර සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකායේ කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය නැමැති තිදෙනෙකි.

යුද හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සෙසු නිලයන් 29 දෙනෙකු සාම සාධක රාජකාරියේදී තුවාල ලබා ඇති බව යුද හමුදාව කියයි.

සාම සාධක බළඇණිය අද (24) කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව එම බළකායේ අණදෙන නිලධාරි කර්නල් පින්සර වික්‍රමාඅරච්චි මහතා විසින් ස්වේච්චා බළ සේනාවේ සේනා විධායක මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර මහතාට එක්සත් ජාතීන්ගේ ධජය බාර දී මාලි රාජ්‍ය යේ මෙහෙයුම් අවසන් කිරීම සනිටුහන් කළ බවද රසික කුමාර මහතා පැවැසීය.



අදහස් (0)

සාම සාධක බළකාය දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site