IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


සමෘද්ධියේ කොට උඩ ගිය වාහන 15ටත් රක්ෂණ ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධාවන තත්වයේ නොපැවති වාහන පහළොවක් සඳහාත් රක්ෂණ වාරික ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.

මෙම මුදල් ගෙවීම කර ඇතැයි  පැවසෙන්නේ 2022 / 2023  සහ 2023/  2024  වර්ෂ වෙනුවෙනි.

මේ ආකාරයට ඵලදායි නොවන වියදම් දැරීම ,ඒවාට බලය දීම,  අනුමත කිරීම සහ සහතික කිරීම නොකරන්නැයි ජාතික විගණන කාර්යාලය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

මේ අනුව  ධාවන තත්වයේ පවතින වාහන පමණක් 2025 වසරේ සිට  රක්ෂණය කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විගණන නිලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අතර දෙපාර්තමේන්තුවේ තවත් වාහන කිහිපයක් පෞද්ගලික ගරාජවලට යොමු කිරීම හේතුවෙන් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.

එම වාහන කඩිනමින් අලුත් වැඩියා කර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසද  විගණන අංශ නිර්දේශ කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය

මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරිණ.



අදහස් (0)

සමෘද්ධියේ කොට උඩ ගිය වාහන 15ටත් රක්ෂණ ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 228 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16056 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site