(යොහාන් භාසුර)
ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලංකා ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සුළු වර්ධනයක් පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය නොවැම්බර් මස දර්ශකාංක 51.4 ක් ලෙස වාර්තා වවූ බවත් එම මස තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඉදිකිරීම්කරුවන්ට සැලසුම් කළ වැඩකටයුතුවලට යම් බාධා වූ බව සමීක්ෂණයේදී හෙළිවූ බවත් මහ බැංකුව කියයි.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෛා් ඉදිකිරීම්කරුවන් සදහන් කළ පරිදි ඉදිකිරීම් ව්‍යාපෘතිවල ටෙන්ඩර් ඇගයීමේ ක්‍රියාවලිය තුළ වසර අවසානේ සිදුවූ මන්දගාමිත්වය හේතුවෙන් ඇනවුම් දර්ශකය නොවැම්බර් මාසයේ පහළ ගිය බවත් සමාගම් වසර අවසානයේදී බඳවාගැනීම් පිළිබඳව සැළකිළිමත්වීම නිසා එම තත්වය උදාවූ බවත් මහ බැංකුව සඳහන් කළේය.
නොවැම්බර් මාසය තුළ දී තොග මිලදී ගැණුම් ප්‍රමාණය පෙර මාසයට සමාන මට්ටමක පැවැතීම නිසා තොග මිලදී ගැනුම් දර්ශකය කඩඉම් මට්ටමේ පැවැති බවත් ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන් වැඩි කාලයක් ගෙන තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකයේ’ වර්ධනයක්