(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කර ඇති බව පවසා විදෙස් රටවලින් කාන්තාවන් සංචාරක වීසා මත ගෙන්වා ගෙන එම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයීමේ ජාවාරමක නිරතව සිටී සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් වටලා පොලිස් ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
තැනැත්තන් වෙළඳාම කිරීමේ චෝදනාව යටතේ ඔවුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
මෙම ජාවාරම මෙහෙයවන බව කියන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් මෙම ජාවාරම මෙහෙයවන කළමනාකරු යැයි පැවසෙන අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ ප්‍රධානියා ගැන තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කුලී පදනම මත මෙම සැකකරුවන් ලබාගෙන තිබූ නිවසේ උඩුමහලෙහි උස්බෙකිස්තාන් ජාතික කාන්තාවන් පස්දෙනකු ද සිටි බව පොලිසිය පවසයි.
මෙම කාන්තාවන් ද ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ගෙනැවිත් සිටි අය බවට පොලිසිය සැක කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි
කෙන්යානු ජාතික තිස් හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා ළමා හා කාන්තා කාර්යාංශයට කරනු ලැබූ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම ස්ථානය වටලා විදෙස් කතුන් ගණිකා වෘත්තීය යොදවා රුපියල් ලක්ෂ ගනිමින් මුදල් ඉපයීමේ ජාවාරමේ නිරතව සිටි බව කියන මොවුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ළමා ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පති නිරේණුකා ජයසුන්දර මහත්මියගේ විශේෂ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම ජාවාරමේ ප්‍රධානියා ලෙස සැලකෙන පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ කෙන්යානු ජාතික මෙම තිස් හැවිරිදි කාන්තාවට ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර ඇති නිසා පැමිණෙන ලෙස ආරාධනා කර ඇතැයි පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමලිංගිකත්වයට එතෙර සිට ආ පිරිසක් අල්ලයි
චතුරි Saturday, 11 February 2023 06:07 PM
එතෙරින් ගේන්න අවශ්‍ය නැහැ. ඔය වගෙ කට්ටිය ඉන්න තැනක් තියෙනවා. දියවන්නාවේ... එතැන ගොඩක් ඉන්නවා. හැංගි හැංගි නටන්නේ.... දැන්නම් ටිකක් අමාරුයි. ඒ අයට හැමලයිසන් එකක්ම තියෙනවා. ඕනෑම දේකට... ඔය ලයිසන් එක විතරයි නැත්තේ. ඒක අපි සේරම එකතුවෙලා අරන් දෙමු. මොකද ඒ අයට කටක් ඇරලා ඉල්ලන්න ලැජ්ජයි...