
(රංජන් කස්තුරි)
ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටකිස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උත්සවයේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යන විෂයයන්ට අදාලව කැපවූ විශිෂ්ඨ දේශපාලන චරිත ඇගයීම සිදුකරන අතර එහිදි දේශපාලනාඥයකුට ජීවිතයේ එකවරක් පමණක් පිදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාට පිරිනැමිණි.
එහිදී වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය මාතලේ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මියට හිමිවූ අතර කොළඹ දිස්ත්‍රික් (ශ්‍රී.පො.පේ) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සම්මාන ලැබීය.

2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්පන්දන් රන් සම්මාන ලබයි
ලුම්බිණි Monday, 07 November 2022 04:19 PM
සුභ පැතුම්!
Hafeel Monday, 07 November 2022 04:26 PM
තන්නාව. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ විසඳන්න රෝද පුටුවෙන් එවිල්ල. මෙහම ගියොත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පුටු වෙනුවට ICU Bed (ඇඳන්) සවි කරන්න වෙනවා.
බද්රානිMonday, 07 November 2022 09:25 PM
හෆීල් ලගේ අප්පොච්චියි, සම්බන්ධන් මහත්මයගේ වයසයි අතර ලොකු වෙනසක් නැති උනාට, සම්බන්ධන් මහත්තය මේ රටේ ජනාධිපති උනා නම්, අඩුතරමේ දෙමල ජාතිකයින්ටවත් මේ රටේ කාල ඇඳලා ඉන්න තිබුනා. මොනා උනත් එතුමා හොරෙක් කියල නම් මම අහල නැහැ. ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිලිබදව ඍජුවම හඬ නගපු කෙනෙක් එතුමා. වර්තමානයේ ද්‍රවිඩ මදාවියෙක් යොදාගෙන උතුරේ දේශපාලකයින්ව අපකීර්තියට පත් කිරීමට දඟලන අප්පොච්චිලාගේ හොර තක්කඩි කල්ලිය බුද්ධාගම උතුරේ ප්‍රචිතලිත කිරීමට උත්සහ කරන්නෙත් මේ ත්‍රාඩ මදාවියා හරහා බව ඇසීමත් අපට නම් අප්‍රිය ජනකයි. හැබැයි උතුරේ ජනතාව දකුණේ තරම් මෝඩයින් නොවන බව නම් මට විශ්වාසයි. සම්බන්ධන් මහත්මයාට දීර්ඝායුෂ වේවා!!
කිරිපුතා Monday, 07 November 2022 07:28 PM
මොකද්ද අප්පා මේ සංවිධානය ? ටිකක් හොයලා බැලුවනම් හොඳයි වගේ.
charith Tuesday, 08 November 2022 10:51 AM
"ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව" හහා, ඔය දෙකම හොදටම කරපු කෙනෙක් තමයි මෙයා. මිනී මරු LTTE යට අමු අමුවෙ මිනිස්සු මරල දාන්න සහයෝගය දුන්න කෙනෙක්ට දෙන්නම වටින සම්මානය දීල තියෙනව. දෙමල මිනිස්සුන්ට සිOහල කියන්නෙ අමුම අමු හතුරො කියල වයිරය පතුරල දේශපාලන වාසි ගතත එකෙක්ට හොදටම හරියනම තෑග්ග දීල. නියම ආයතනයකින් හරිම සම්මානය දීල.....
sharm warn Tuesday, 08 November 2022 11:09 AM
රෝහිනී නංගි නම් සාධාරණයි. සම්බන්ධන් ඉතින් වළ පයයි ගොඩ පයයි කියලා කියමුකෝ. අර දොළවත්ත? වසරේ මන්ත්‍රීවරයා වෙන්න එයාගේ සුදුසුකම රනිල් පස්සෙන් වැටිලා ඉන්න එකද? කොයි කාලේ අටව ගත්ත ආයතනයක්ද මේ? රනිල් කීයක් ගෙව්වද මේ වැඩේට?