IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සමුද්‍රදේවිය පෙට්ටි ගැලවෙයි

(සුමිත් පොතුපිටිය)

සමුද්‍රදේවී දුම්රිය අද උදෑසන කළුතර උතුර ප්‍රදේශයේදී එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවී ගොස් ඇති බව කළුතර දුම්රිය බළධාරියෙක් සදහන් කලේය.

කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් ගැලවී කිලෝමීටරයකට ආසන්න දුරක් ධාවනයවී නතර කර ඇතැයි සදහන් වේ.

එන්ජිම නැවත පසුපසට ගෙන එක්සල් කොට විනාඩි 15 ක පමණ කාලයක් ප්‍රමාදවී නැවත මරදාන බලා ධාවනයවූ බව සදහන් වේ.



අදහස් (6)

සමුද්‍රදේවිය පෙට්ටි ගැලවෙයි

de silva Sunday, 09 April 2023 10:21 AM

ඕක කඳුකර ප්‍රෙද්ශයකදී වුණා නම් වෙන්නේ මහ විනාශයක්...

:       1       13

Lalla Sunday, 09 April 2023 10:31 AM

තවතවත් වර්ජනය කරපල්ලා. වැඩ කරන්න ඕන නෑ. පඩි දීමනා විතරක්ම ගනිල්ලා... මේ සේවා සියල්ල පෞද්ගලික අංශයට දිය යුතුයි.

:       7       27

පිටිගල මිලානෝ Sunday, 09 April 2023 12:31 PM

අධික පඩි ලබන ඉතාමත් සුළුදෙයටත් වර්ජනය කරන, තමාගෙන් පසුව සේවයට තම දරුවන් ඇතුළත් කිරීමට අයිතීන් හදාගෙන සිටින, අනවධානයෙන් හෝ බීලා දුම්රිය එලවලා අලි හප්පා මරණ දුම්රිය සේවකයන්ට සමුද්‍රදේවිගේ පෙට්ටියවත් රැකගන්න බැරිවුණා.

:       3       19

Kule Sunday, 09 April 2023 01:48 PM

අමුණලා තියෙන්නේ පුත්තලමට, ප්‍රසිද්ධ අයගෙන් කෙනෙක්...!

:       1       9

Sunil Monday, 10 April 2023 08:23 AM

මෙ ක්‍රමය රට පුරාම ව්‍යප්ත කලොත් සියලුම ඩුම්රියන් ඒන්ජින් නැතිව දුවවන්න බැරිඩ? ඉන්දන විශාල ප්‍රමනයක් ඉතිරි කර ගත හැකියි.

:       0       1

Janindu Monday, 10 April 2023 09:34 AM

මම දුම්රිය සේවකයෙක් නෙමෙයි. මම දන්නා දේ කියන්නම් කඳුකර ප්‍රදේශවලට මෙම දුම්රිය යොදාගන්නේ නෑ. මේ බ්‍රේක් ප්‍රශ්නයත් එක හේතුවක්. නැත්නං එන්ජින් මැදිරිවලින් ගැලවුණොත් ඔටෝ බ්‍රේක් වෙනවා මැදිරි ටික. අනවධානයෙන් අලි හප්පනවා කියන එකත් බොරු කතාවක්... නැගෙනහිර මාර්ගයත් කඳු පල්ලම් සහිත මාර්ගයක්. දුම්රිය යනු කඳු නැගීමට හැකි වාහනයක් නෙමෙයි. එමනිසා කඳු තරණයට වේගයක් ලබාගත යුතුයි. අලුත් දුම්රියක් නම් උපරිම වේගෙන් ගිහින් හදිසි නැවැත්වීමටත් අඩි 600ක් වත් ඕනෑවෙනවා. උඩරට මාර්ගයේ පවර් සෙට් එකක් නම් ඉදිරිපස හා පිටුපස එන්ජින් දෙකක් තියෙන්නේ මේ නිසා. බදුල්ල තැපැල් දුම්රියට පයිලට් සහ බෑන්කින් එන්ජින් යොදාගන්නේත් මේ මාර්ගයේ ආනත බව දරා ගන්න. රාත්‍රී 1-2 අතර මේ දේවල් සිද්දවෙනකොට දුම්රියේ මිනිස්සු සැප නින්දේ. ඉතින් මිනිස්සු මේවා අහලාවත් නෑ.. මේවාවල භාවිතා වන ඔටෝ කප්ලින් අධික ගැස්සීම නිසාත් මෙහෙම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site