IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සමෘද්ධි ශිෂ්‍යත්ව පොල්ලට තාම විසඳුමක් නෑ

 

 

බිඟුන් මේනක ගමගේ 

 

සමෘද්ධි විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලැබ නේවාසික පුහුණුවක් ද ලබාදීමෙන් පසු එම අවස්ථාව අහිමි වූ සිසු සිසුවියන් 21 දෙනාට දේශීය වශයෙන් අධ්‍යාපනික අවස්ථාවක් ප්‍රදානය කරන බවට රජය පොරොන්දු වී මාස පහකට අධික කාලයක් ගෙවී ඇතත් එය ඉටු නොවී යැයි එම සිසු සිසුවියෝ පවසති. 

 

දිවි නැඟුම දෙපාර්තමේන්තුව සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ අරමුණෙන් 2017 පෙබරවාරි 13 දින පල කරන ලද පුවත් පත් දැන්වීමක් මගින් සමෘද්ධිලාභීන් දැනුම්වත් කර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් දරුවන් 25 දෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇති නමුත් එයින් අවස්ථාව ලබා දී ඇත්තේ හතර දෙනෙකුට පමණි.

 

මේ සම්බන්ධයෙන් ලංකාදීප සත්‍ය ගවේෂණ ලිපියකින් කරුණු හෙළි කළ පසු එම පිරිසට දේශීය වශයෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට එවකට සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතා පොරොන්දු විය.

 

එහෙත් පොරොන්දු වූ පරිදි අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය හෝ ඒ ගැන කිසිදු දැනුවත්කිරීමක් සිදු නොවී යැයි ද සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය මගින් ආණ්ඩුවේ බලධාරින් දැනුවත් කිරීමට නැවතත් කටයුතු කරන්නේ යැයි ද  එම සිසු සිසුවියෝ පැවසූහ. 

 

අඩු අදායම් පවුල් වල අ.පො.ස. උසස් පෙළ සමතුන් පමණක් අයදුම් කළ යුතු බවට අදාළ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබුණේ යැයි ද මෙසේ අතරමග නතර කර ඇති ශිෂ්‍යත්ව 21 නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශ හිමි, රැකියාවන්වල නිරතව සිටි හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල නිරතව සිටි තමන් දැඩි අසරණභාවයකට පත්ව සිටිතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ. 

 



අදහස් (0)

සමෘද්ධි ශිෂ්‍යත්ව පොල්ලට තාම විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site