IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධි දෙන්න විස්තර හොයන්න ගියාම දියණියගෙන් ඇත්ත එළියට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අස්වැසුම සහනාධාර නාමලේඛනයේ නම ඇතුළත් වී නැතැයි අභියාචනයක් ඉදිරිපත් වූ සමෘද්ධිලාභී පවුලක තොරතුරු සොයා බැලීමේ දී සැමියා වඩු වැඩපළක් පවත්වාගෙන යන කාර්මිකයකු වන බවටත් බිරිය දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලු‍ම් ආයතනයක ඉහළ පෙළේ නිලධාරිනියක බවට හෙළිවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්  වාර්තා විය.

මෙම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ අභියාචනය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහි කිසියම් කරුණක් පැහැදිලි කර ගැනීම සඳහා කාර්යාලයීය නිලධාරියෙක් දුරකතනයෙන් එම නිවස අමතා ඇත.

ඒ අවස්ථාවේ එම පවුලේ දියණිය හෙළි කළ තොරතුරු අනුව මෙම පවුල සහනාධාර ලැබීමට තරම් සුදුසුකම් නොමැති පවුලක් බව අනාවරණය වී ඇතැයි ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ කෙසේ වෙතත් එම පවුලේ අයදුම් පත්‍රයෙහි එම තොරතුරු කිසිවක් ඇතුළත් කර නොමැති බවත් රැකියා විරහිත බවට සාවද්‍ය තොරතුරු සඳහන් කර ඇතැයි ද මෙහිදී හෙළි වී ඇත.

එවැනි පවුල් පසුබිමක් තිබිය දීත් මෙම පවුල කලක් තිස්සේ සමෘද්ධි සහනාධාරය පවා ලබා ගෙන ඇතැයි ද හෙළිවී ඇත.



අදහස් (16)

සමෘද්ධි දෙන්න විස්තර හොයන්න ගියාම දියණියගෙන් ඇත්ත එළියට

Sethuhami Monday, 26 June 2023 10:57 PM

කොහොමද ළමයින්ගෙන් අහලා සමුර්ධිය කපන්නේ.ඇයි ඔය පළාතේ ඉන්න ග්‍රාම සේවක බූරුවෙක්ද ?සමුර්ධි නිලධාරියා නිදිද ?

:       14       95

චන්දිම Tuesday, 27 June 2023 07:30 AM

ඔන්න නියම අවස්තාවක්. අනිත් අයටත් පාඩමක් ඉගෙනගන්න ග්‍රාම නිලධාරියාටත් සමුර්ධි නිලධාරියාටත් එරෙහි පරීක්ෂණයක් පවත්වන එක සහ වැරදි තොරතුරු දී ඇතිනම් සේවයෙන් පහ කිරීම.

:       0       0

sachithTuesday, 27 June 2023 09:21 AM

අනිවාර්යයෙන් රජයේ නිලධාරීන් දෙන්නෙක් සම්මත කරලා තියන දෙයක් .ළමයා කීව දේ ඇත්තනම් හරියට පරීක්ෂණයක් කරලා මේ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න ඕනි

:       1       25

සියනේරිස්Tuesday, 27 June 2023 06:58 PM

හේතු අයියේ ග්‍රාම සේවකලා නැහැ අපේනම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඔවුන්ට වෙන්කල කොටසේ තියෙන්නෙ ගම්පති පියස කියලා ඒක වෙන කතාවක් මෙම කටයුත්තේදී ග්‍රාම නිළධාරින් හා සමුර්ධිමත් නිළධාරින් රාජකාරි පැහැර හැරියා ඒකට උන්ට දඩුවමක් නැහැ අන්තිමේ පාසල් හැරගිය නොදරුවො යොදාගෙන ගෙවල්වල පිංතූර අනුව අස්වැසුම අනුමත කලා හරියට කලානම් ඉල්ලීම කල නිවාස වලට ආසන්න නිවාස දෙකතුනකින් තොරතුරු ගත්තා නම් සමහර විට හරියාවි කොහොම වුනත් අයදුම්පත් සකසා තිබුනෙ අවශ්‍ය තොරතුරු ඇතුළත් නොකර තමයි අපේ ප්‍රදේශයේ නම් ලොකු මුදළාලිලා වැවිලි කරුවො මුදල් බැංකුවේ දාන්නෙ නැහැ හරියට අදින්නෙ නැහැ ගෙවල් පිරිසිදුව නැහැ සල්ලි පෙට්ටිවල තියාගෙන පොලියට දෙමින් මුදල් උපයමින් ඉන්නවා ඇත්තටම ඔය ඉල්ලුම් පත්‍රයේ ඔබසතු ඉඩකඩම් ඔප්පු ආදිය හා ආසන්න ඉඩම් ලියාපදිංචි කාර්‍යාලය ඔබසතු වාහන ආදිය ඇහුවා නම් ඔය දැනට ඇතිවි තිබෙන ගැටලු කිසිවක් නැහැ කියලා හිතෙනවා

:       0       0

sam Tuesday, 27 June 2023 07:39 AM

හුඟක් හොරට සමෘද්ධිය අරන් තියෙන්නෙ දේශපාලන හෙන්චයියන්ගෙ පවුල්. ගම්පහනං කප්පං අප්‍රසන්නයගෙ හෙන්චයියො.

:       0       0

primeshika Tuesday, 27 June 2023 07:46 AM

සමුර්ධිය ගෙවන්නේ රටේ ජනතාවගෙන් අය කරන බදු වලින් ,නියම සුදුස්සා හොයාගන්න බැරි නම් මේවා නවත්වලා දාන එක රටේම ජනතාවට හොඳයි

:       0       21

විජය Tuesday, 27 June 2023 07:56 AM

ග්‍රාම සේවක පට්ටම් දැන් වැඩක් නෑ .පොතුහැර බැවිලගොමුව ග්‍රාම සේවිකාව කිසි වැඩක් කරන් නෑ . මිනිහා GA කියලා.

:       1       8

නිහාල් Tuesday, 27 June 2023 08:12 AM

ග්‍රාම නිලධාරි හා සමෘද්ධි නිලධාරීගේ සේවය අනවශ්‍යයි

:       0       13

ලුම්බිණි Tuesday, 27 June 2023 08:14 AM

මෙම අය ලබා ගත් සමුර්ධි මුදල් අය කර ගන්න අදහසක් නැද්ද?

:       0       11

තිලිණ Tuesday, 27 June 2023 09:48 AM

මේ ගෙවපු හැම සතයක්ම මේ මිනිස්සුන්ගෙන් අය කරගන්න ඕනේ. මේ රට කවදාවත් හදන්න බැරි මේ හිඟන මානසිකත්වය සහ අනුන්ගෙන් යැපෙන මානසිකත්වය නිසයි .. ඇත්තටම සහනාධාර ලැබීය යුතු පවුලක්නම් රු 50000 ක් වුනත් දුන්නට කමක් නැහැ .ඒත් අර ටීවී එකේ විලාප තියෙන අත පය හතර හොඳට තියාගෙන සහනාධාර ඉල්ලන කිසිම කෙනෙකුට එක රුපියලක් දෙන්න එපා.

:       0       27

Bunny Preena Tuesday, 27 June 2023 10:09 AM

හොඳට සල්ලි බාගෙ තියෙන, ඉඩකඩම් සහ ව්‍යාපාර වලින් ආදායම් හොදට තියෙන සමහර පවුල් කිසිම ලාජ්ජාවක් හිරිකිතයක් නැතුව දුප්පතාට දෙසහ්නාදාරය බොරු විස්තර දීලා තමා පවුලටත් ලබාගනා.

:       0       11

wedage Tuesday, 27 June 2023 10:23 AM

මේ ප්‍රභන්දයක් නේද?

:       8       9

aravinda Monarawila Tuesday, 27 June 2023 10:34 AM

නිවසට දුරකතන්යනේ අමතා ඇත ,කියලා කීවම නිවසේ දුරකථනය තියනවානම් එයා සමුර්ධිය ලබන්න සුදුස්සෙක් වෙන්නේ කොහොමද කියලා මේ නිලධාරියාට වැටහුනේ නැද්ද ?

:       1       10

prasanna Tuesday, 27 June 2023 01:13 PM

ඔක තමයි කියන්නෙ...පවුල රැක්කෙ කියල.

:       0       3

පැරකුම් Tuesday, 27 June 2023 05:21 PM

මහ එකාලගෙ හිටං පොඩිම එකා දක්වා වංචාව දූෂණය ඉහ වහා ගිය රටක් මේක. ගොඩදාන්න පුළුවන් කෙනෙක් පේනතෙක් මානෙක නෑ.

:       0       0

ඒකෙන් දුප්පත් අයටත් නැති වෙනවා Tuesday, 27 June 2023 10:07 PM

බොමථව හසලක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site