IMG-LOGO

සැමට සෙවණ දෙන්න ප්‍රචාරක වියදම කෝටි ගානක්

(අංජුල මහික වීරරත්න)

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන විවෘත කිරීමේ ප්‍රචාරක වියදම සඳහා පමණක් රුපියල් 523,664,286ක මුදලක් වැය කොට ඇතැයි නිවාස සංවර්ධන අධිකාරියේ සම්පත් කළමනාකාරණ ඒකකයේ මුදල් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

2015 සිට 2019 දක්වා කාලයේදී සැමට සෙවන ආදර්ශ ගම්මාන 2562ක් ක්‍රියාත්මක කොට ඇතැයිද එම කාලයේදී නිවාස ඒකක සියල්ල ඉදිකර විවෘත කර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 367ක් පමණක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

සැමට සෙවන ව්‍යාපෘතියේ ආදර්ශ ගම්මාන ණය ලැබූ ප්‍රතිලාභීන් ගණන 25453ක් බවත් ආදර්ශ ගම්මාන ආධාර ලැබූ ප්‍රතිලාභීන් ගණන 28633ක් බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.

2015 වසරේ සිට 2020 දක්වා ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 20363 දෙනකු රුපියල් මිලියන 2546.391ක ණය මුදල් ගෙවීම පැහැර හැර ඇතැයිද විසිරි නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 112204 දෙනකු රුපියල් මිලියන 3421.825ක ණය ගෙවීම පැහැර හැර තිබෙන්නේ යැයි ද අදාළ වාර්තාවේ දැක්වේ. ඒ අනුව සැමට සෙවණ සහ විසිරි නිවාස ව්‍යාපෘති වලින් ප්‍රතිලාභීන් 132567 දෙනකු පැහැර හරින ලද මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 5968.215කි.

අදාළ වාර්තාවට අනුව 2015 වසරේ සිට 2019 වසර දක්වා නිවාස ආධාර ලෙස බෙදා හරින ලද සිමෙන්ති කොට්ට ප්‍රමාණය 1,050,249 කි.සිමෙන්ති කොට්ට ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 110267 කි.එක් ප්‍රතිලාභියෙකු සඳහා ලබාදෙන ලද උපරිම සිමෙන්ති කොට්ට ප්‍රමාණය 10 කි. නිවාස ආධාර ලෙස බෙදා හරින ලද සිමෙන්න්ති කොට්ට වෙනුවෙන් වියදම් කළ මුදල රුපියල් මිලි 904.457 කි.



අදහස් (4)

සැමට සෙවණ දෙන්න ප්‍රචාරක වියදම කෝටි ගානක්

සෙනෙවිරත්න Tuesday, 15 July 2025 06:41 AM

අප්ප කලදේ පුතා නොකලොත් ඌ නොට්ටියගෙ පුතා වෙනව කියල කියමනක් තියෙන නිසා එහෙම නොවෙන්න මේ වගේ කාබාසිනියා වැඩ කරන්න ඇති. තාත්තගෙ කාලෙත් එහෙම තමයි, අගුවක් නැති ගිනිපෙට්ටි ගෙවල් හදල ⁣ඒක අනුරාධපුරයේ විවෘත කරනව නම් ගහනව පෝස්‍ටර් ගාල්ලෙත්, විශාල උත්සව , එහෙමයි කලේ, රටේ වාසනාවට මෙයා ජනාධිපති නොවුනෙ පහුගිය චන්දෙදි.

:       2       2

පුරවැසියා Tuesday, 15 July 2025 06:44 AM

වැරදිලවත් මේ ඇමතිතුමා ජනාධිපති උනානම් බලන්න තිබුන ප්‍රේමදාස අංක දෙක, වයසක අපටත් මුහුදට පැනල හරි වෙන රටකට යන්න හිතෙන තරමට අප්‍රිය වෙයි

:       2       3

රනේ Tuesday, 15 July 2025 07:27 AM

හැංගෙන්න අවශ්‍යනම් පහසුකම් සපයන හිතවතෙකු අමතන්න..

:       2       3

Neel Tuesday, 15 July 2025 10:55 AM

කොහොමද ඡපන් පුතානොගේ වැඩ. භරි ෂෝක්,. ලස්සනයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site