
(මහින්ද නිශ්ශංක)
ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී ඊයේ මැදියම් රාත්‍රීයේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්විණි. මේ අවස්ථාවට මීසම භාර චාමින්ද රෝෂන් පියතුමාද සහභාගි විය.
මැක්ස්වල්ඩ් ද සිල්වා කොළඹ සහයක රදගුරුතුමා සහභාගිවන වූ නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දූනගහ බටේපොල ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.
නත්තල් උදාවත් සමග දිවයිනේ සෑම දේවස්ථානයකම මැදියම් රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැති අතර එම දේව මෙහෙයන්වලට කිතුනු බැතිමතුන් දහස් ගණනින් සහභාගි වූහ.
නත්තල් උත්සවය නිමිත්තෙන් අද බොහෝ ස්ථානවල කැරොල් ගායනා , අසරණ පවුල් සදහා දාන මාන පිරිනැමීම, ලේ පරිත්‍යාග කිමේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වා ර් තා වේ.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2004
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමට සාමය පෙන් වූ අසිරිමත් නත්තල උදාවේ