IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


සැමට සමානව බෙදීම රජයේ අරමුණයි

(අංජුල මහික වීරරත්න)

රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් ද, සාමුහිකවත්, සහෝදරත්වයෙන් යුතුවත්, හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති. එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේ, ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි තිබීම ය. නබිතුමන් තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම පිළිවෙත, ඉස්ලාම් දහමේ පරිත්‍යාගශීලිත්වය ප්‍රකට කරන සුවිශේෂී අවස්ථාවකි. ඒ අර්ථයෙන් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී, ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ටම මහැඟි ආදර්ශයක් බව මාගේ හැඟීමයි. සාමය, සාධාරණත්වය, මෙන්ම මනුෂ්‍යත්වය ලොව රජයන අනාගතයක් උදෙසා ජාති භේදයෙන් තොරව, එක්සත්ව කටයුතු කරන අපේක්‍ෂාවෙන් අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

 



අදහස් (2)

සැමට සමානව බෙදීම රජයේ අරමුණයි

de silva Saturday, 07 June 2025 04:36 PM

පල්ලි පන්සල් දිනපතා උදේ පාන්දර 4 සිට නීති විරෝධී ලෙස ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතා කරමින් සිය ප්‍රචාරක කටයුතුවල යෙදෙනවා, මේක විශාල ජනතා පීඩනයක්, මේවාට නීති සම්පාදනය කරලා තිබුණත් දේශපාලන සහ විවිධ හේතුන් මත නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ... 911 ගැහුවත් වැඩක් නැහැ... අගමැති තුමිය කරුණාකර මේකට විසඳුමක් දෙන්න පුලුවන්ද?

:       0       1

de silva Saturday, 07 June 2025 05:06 PM

911 ගැහුවම කියන්නේ පොලිසි ඇවිත් පැමිණිල්ලක් කරන්න කියලා, පැමිණිලි විභාග කරන්න එන්න කිව්වාම මුළු ගමම අදාල පූජක තුමා හෝ හාමුදුරුවෝ සමග එනවා. ඇවිත් අදාල පැමිණිල්ල කළ කෙනා එම ආගමට අපහස කළ කෙනෙක් විදිහට හංවඩු ගහමින් විශාල සමාජ මතයක් ගොඩනගන්න කටයුතු කරනවා. කරුණාකර පොලිසිවලට චක්‍ර ලේඛයක් යවන්න පුළුවන්ද සිද්ධස්ථාන විසින් කරන ශබ්ද දූෂණ ගැන 911 පැමිණිලි නිර්ණාමිකව ලැබුණත් එම ක්‍රියාව ගැන සොයා බලලා ආගම හෝ සිද්ධස්ථානයේ තරාතිරම ගැන තැකීමක් නොකර සැමට සමාන ලෙස දැනට රටේ පවතින නීතිය ක්‍රියාත්මක කරන්න කියලා, ස්තුතියි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 485 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site