IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි

(රෝෂන් තුෂාර)

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (07) නඩු පැවරීය.

නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකු , ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගම නම්කර ඇත .

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව( සමාජ මාධ්‍ය පනත යටතේ)මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත් තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත .

 



අදහස් (7)

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි

Small man - Fake ego Wednesday, 08 May 2024 12:06 AM

ඔබ ඇත්තටම විශ්වාස කරන්නේ ගූගල් මේ රටේ සිටින පුද්ගලයා ගැන සැලකිලිමත් වන බව ද? හාස්‍යජනක!!!

:       0       12

Lanka U newsWednesday, 08 May 2024 01:00 PM

මේ අපගේ ආයතනයේ ප්‍රධාණියා විසින් ලබාදුන් AI නමකි. මෙහෙම අයෙක් අප හා සම්බන්ධ නැත.

:       0       0

Perera Wednesday, 08 May 2024 12:28 AM

හොර තක්කඩි වැඩ ප්‍රසිද්ධ වෙනකොට කවුරු වුණත් කැමති නෑනේ

:       1       20

පිටිගල මිලානෝ Wednesday, 08 May 2024 08:57 AM

රටේ බදු මුදල් වලින් නඩත්තු වන පුද්ගලයෙක් ගෙන් අවැඩක් සිදුවේ නම් එය පෙන්වාදීම සමාජ වගකීමක් වන අතර එවන් වංචනිකයන්ට නඩුදමා ගැලවෙන්න රටේ නීති සකසා නැත.

:       0       28

අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 09:41 AM

වර්තමාන යුධ හමුදාපතිට කරන්න යුද්ධයකුත් නැති නිසා ආරක්ෂා කරන්න රටකුත් ඉතිරිවෙලා නැති නිසා සමාජ මාධ්‍ය එක්ක හරි රංඩු කෙරුවාදෙන්, අපි බලමු උසාවි තීන්දුව මොකක් කියලා.....

:       1       17

මැක්ස් Wednesday, 08 May 2024 11:16 AM

සමාජ මාධ්‍ය දැලි පිහි අතට ගත් වඳුරන්ට උසාවියෙන් දඬුවමක් ලැබෙනවා නම් සාමකාමි ජනතාව කැමැති වෙයි. එසේම එය මෙවැනි තුට්ටු දෙකේ මඩ අවලාද වලට උඩ ගෙඩි දෙන කොමෙන්ට් අප්පුලාටත් එය හොඳ පාඩමක් වෙයි...

:       1       1

Jayantha Wednesday, 08 May 2024 12:35 PM

ඔවුන් අපේ බදු මුදලින් පඩි අරගන්නවා නම්, ඔවුන් කරන තක්කඩි වැඩ ගැන හෝ ඔවුන්ගේ හැසිරීම් ගැන මහජන විවේචන බලාපොරොත්තු වෙන්න වෙනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site