
(සිතුම් චතුරංග)
යුද සමයේ අතුරුදහන්වු ඥාතීන් සෙවීම හා උතුරේ අහිමිවු සිය ඉඩම් ලබා නොදීම මත තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අද (04) කිලිනොච්චිය නගරයේ කළු කොඩි ඔසවමින් විරෝධතාවක නිරත වූහ.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ එක්ව කිලිනොච්චිය නගරයේදී කළු කොඩි ඔසවා, කළුපැහැති පටි පැළඳගෙන විරෝධතාවයක් සංවිධානය කොට තිබූ අතර එයට සමඟාමීව උතුරු පළාතේ නගර රැසක කළු කොඩි ඔසවා තිබිණ.



COMMENTS
යුධ සමයේ දකුණේ බෝම්බ පුපුරවලා මිනිසුන් රොතු ගණන් මරපු හැටි, රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරපු හැටි , මහා සංඝරත්නය, උපාසික උපාසිකාවන් ඝාතනය කළ හැටි, මායිම් ගම්මාන වලට පැන අමු අමුවේ සිංහල මිනිසුන් මැරූ හැටි මොවුන්ට මතක් කර දෙන්න. එම කාලකණ්ණි ත්‍රස්තවාදීය නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද මහතාව අපහසුතාවයට පත් කරන වර්ථමාන පාළකයින් නම් මේවා දන්නෙ නෑ. මොකද යුධ සමයෙත් ඔවුන් දැඟළුවේ ඒකට බාධා කරන්න.
මෙයාලට හැමදාම ප්‍රශ්න.
උතුරට, නැගෙනහිරට නිදහස සහ සාමය ගෙන එන්න දකුණෙන් ගොස් තම ජීවිතය, අත්, පා කැප කල උදාර රණ විරුවන්ටත්, ඔවුන්ව මෙහෙයවූ සහ පහසුකම් සැලසූ හමුදා සහ දේශපාලන නායකයන්ටත් මුළු මහත් ජනතාවගේ උත්තමාචාරය හිමි විය යුතුයි.
මොවුන් සිංහල ජාතිය සමඟ කොතරම් වෛරයකින් පෙලෙන්නේද යත් මෙම බැනරයේ සිංහල අකුරක්වත් සදහන් කරල නැහැ. ජාතිවාදය තවම උතුරේ අවසන් වෙලා නැහැ. මේක සංවිධානය කරපු අය ගැන වෙනම සොයා බැලීම වටී.
මොකක්ද දන්නේ නෑ මේ ඉල්ලන නිදහස. තව මොන නිදහසක්ද මේ අය බලාපොරොත්තු වෙන්නේ. පාඩුවෙ කාලා බීලා ඉන්නේ නැතුව.