
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධ ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය නම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සුකේෂ් චන්ද්‍රශේකර් රැන්බැක්සි ආයතනයේ හිටපු ප්‍රවර්ධකයකු වන ශිවේන්ද්‍ර සිංග් මහතාට ඇප ලබා දෙන බව පවසා ඔහුගේ බිරිඳ වන ආදිති සිංග් මහත්මිය රවටා ඉන්දීය රුපියල් කෝටි 215 කට ආසන්න මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය විමර්ෂණයක් ආරම්භ කළේය.
එසේ ලබාගත් මුදලින් ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මියට ඉන්දීය රුපියල් කෝටි 5.71 ක තෑගි ලබා දී තිබූ අතර සුකේෂ් චන්ද්‍රශේකර් මහතා සහ ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය අතර සමීප හිතවත්කමක් පැවැතිම හේතුවෙන් මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් පසුගිය වසරේ අගෝස්තු මස ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් පැය 5 කට අධික කාලයක් ලෙස ප්‍රශ්න කළේය.
එහිදී සුකේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රශේකර් හඳුනාගත් බවත්, සුකේෂ් චන්ද්‍රශේකර් තමන්ට ද මුදල් වංචාවක් කළ බවත් ප්‍රශ්න කිරීම්වල දී ජැක්ලින් ෆර්නැන්ඩස් හෙළි කළ බව ඉන්දීය මාධ්‍ය පැවසුවේය.
සුකේෂ් චන්ද්‍රශේකර් මහතා වංචනිකව ලබා ගත් මුදලින් තමාට තෑගි ලබා දෙන බව ජැකලීන් ෆර්නැන්ඩස් දැන සිටි බව චෝදනා කරමින් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් ෆර්ඩිනැන්ඩස් මහත්මිය සුකේෂ් චන්ද්‍රශේකර්ගේ නඩුවේ විත්තිකාරියක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් කප්පම් නඩුවේ විත්තිකාරිය කරයි
RANDIL Wednesday, 17 August 2022 05:13 PM
ශ්‍රී ලංකා අභිමානය තමයි... සල්ලි වලට ඕන දෙයක් කරයි...!
nisal Wednesday, 17 August 2022 08:50 PM
මෙතුමිය කොහේ ගියත්, මොනවා කළත් ලංකාවේ අය දිහා බලන්නේ හිතවත් කමකින්. අවබෝධයකින්... ලංකාවේ අය තමන්ව ප්‍රතික්ෂේප කරන බව ඇය දන්නවා. ඇයගේ කිසිම චිත්‍රපටියක් ලංකාවේ ප්‍රසිද්ධ නොවන බව දන්නවා. ඒත් හිතේ කිසිම අමනාපයක් නැහැ. ඒ වගේම නිහතමානියි.