IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සුපිරි කාරය ගිනි රකුසාට බිළි - වීඩියෝ

(බී.ජානක)

වැල්ලවත්ත මායා මාවතේ ධාවනය වූ  නවීන පන්නයේ බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර ගිනි ගැනීමට ලක්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෝටර් රථයේ වායු සමනය තුළින් වාහනය තුළට දුමක් නැගෙනු දුටු මෝටර් රථයේ හිමිකරු රථය නවතා ගින්න නිවීමට උත්සාහ කර ඇතත් ගින්න නිවීමට නොහැකි වී ඇත.

තිඹිරිගස්යාය හෙන්ද්‍රිස් පේදිරිස් ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් යොදා ගනිමින් ගිනි නිවීමේ භටයන් නව දෙනකුගෙන් යුත් කණ්ඩායමක්  මෝටර් රථයේ ගින්න නිවීමට කටයුතු කල බව වැල්ලවත්ත පොලිසිය පැවසීය.

මෝටර් රථයේ හිමිකරු කොළඹ 8 පාසල් මාවතේ පදිංචි අයකු වන අතර මෙම ගිනි ගැනීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැතැයි පොලිසිය කියයි.

මෝටර් රථයේ ඇති වූ විදුලි කාන්දු වීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.



අදහස් (8)

සුපිරි කාරය ගිනි රකුසාට බිළි - වීඩියෝ

eresh S kumara Tuesday, 27 July 2021 05:01 PM

විස්තර කලු පෙට්ටියෙන්...

:       0       0

සෙනවි Tuesday, 27 July 2021 07:29 PM

දෙයක් වේ නම් එය ලැබිය යුත්තාට ලැබේ. හිමිකම් නැතිනම් නොලැබී විනාශ වී යයි...

:       122       117

සෙනවි Tuesday, 27 July 2021 07:31 PM

දෙයක් වේ නම් එය ලැබිය යුත්තාට ලැබිය යුතු සේම තමන්ට හිමිකමක් නැතිදේ අහිමිවීමද පොදු න්‍යාය ධර්මයකි.

:       144       202

RaveendraTuesday, 27 July 2021 08:17 PM

ඔබගේ අදහස් 100% නිවැරදිය. මෙය පාට, පක්ෂ බේදයකින් තොරව රට විනාශ කරන දේශපාලුවන්ටද අදාලයි...

:       75       333

බමුණු.Wednesday, 28 July 2021 08:02 AM

එ්ක ඇත්තයි. ඒත්, මේ වාහනයට මේ වර්ගයේම, මීටත් වඩා අලුත් එකක් ලැබෙනවා.

:       0       0

Don Wednesday, 28 July 2021 01:47 AM

අපරාදේ ගිනිනිවන එකට එන්න කිව්වේ...!

:       0       0

jayath Wednesday, 28 July 2021 07:42 AM

ඔය වගේ ඒවායේ නඩත්තු කටයුතු හරි ගණන්. වායුසමනයේ නඩත්තුවකට උනත් ලක්‍ෂ 2-3 ක් යන වෙලාවල් තියනවා . වායු සාමාන්‍යයෙන් දුමක් ආව කියන කතාව ඇත්තක් නම් සමහර විට " මක බාස් " කෙනෙක් රෙපයාර් එකක් කලාද දන්නේ නැහැ .මේක අදහසක් විතරයි

:       0       0

Kapuru Wednesday, 28 July 2021 10:41 AM

හදිසියේ සල්ලි ටිකක් ඕනේ වෙලාලු... ලොකු ගාණකට රක්ෂණය කරලලු තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site