
ඇමෙරිකාවේ වර්ජිනියා හි වෝල්මාර්ට් සුපිරි වෙළඳසැලේ වෙඩික්කරුවකු සිදු කළ වෙඩි තැබීමෙන් හත් දෙනෙකු මිය ගිය අතර වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු එම සුපිරි වෙළඳසැලේ සේවකයකු බව හඳුනාගෙන ඇතැයි වර්ජනියා පොලිස් ප්‍රධානි මාර්ක් සොලෙස්කි ප්‍රකාශ කළේය.
වෙඩි තැබීමෙන් තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත කර ඇති බවත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිස් ප්‍රධානි මාර්ක් සොලෙස්කි පැවසුවේය.
වෙඩික්කරු මියගොස් සිටියදී හමු වී ඇති අතර ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගන්නට ඇතැයි විශ්වාස කරන බව වර්ජිනියා පොලිසිය ප්‍රකාශ කර ඇත .ආරංචි මාර්ග පවසන ආකාරයට වෝල්මාර්ට් හි කළමනාකරු මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි විශ්වාස කරන බව ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කර තිබේ.
අඟහරුවාදා රාත්‍රියේ සේවයකයන් ආහාර ගන්නා ස්ථානයට පැමිණ වෙඩික්කරු වෙඩි තැබීම සිදු කළ බව ආරංචි මාර්ග පැවසුවත් එය තහවුරු කළ නොහැකි බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි කඩේ සේවකයා හතර අතට වෙඩි තියලා
පිටිගල මිලානෝ Thursday, 24 November 2022 12:31 PM
ලෝකයේ සාමකාමීව ජීවත්වෙන්න බෑරි එකම රට ඇමරිකාවයි.