IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සඳ-හිරු සෑයේ හතරැස් කොටුව ඉදිවෙමින්


 (මනුල වික්‍රම)
 
තිස්වසරක යුද්ධය නිමාකර මානුෂීය මෙහෙයුමින් රට නිදහස් කිරීම සංකේතවත් කරමින් අනුරාධපුරය පුදබිමේ ඉදිකෙරෙන සඳහිරු සෑය අද (04) වනවිට සලපතල මළුවේ සිට අඩි 122ක්  උස ප්‍රමාණයක් ඉක්මවන පරිදි නිමවා තිබේ.
 
මේ දිනවල ඉදිවෙමින් පවතින්නේ, සෑයේ හතරැස් කොටුවය. වැඩ අවසන් වන විට දාගැබේ උස අඩි 282.6ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. රුවන්වැලි මහසෑයේ ම ආකෘතියට ම සකසා ඇති, එහෙත් එම  සෑයට වැඩා අඩි 18ක් අඩු උසකින් නිර්මාණය වන සඳහිරු සෑය විෂ්කම්භයෙන් අඩි 255කි.
 
යුද්ධයේ දී මිය ගිය 27, 000ක් වූ රණවිරුවන්  අතුරුදන් වූ 4500ක්, ආබාධිත වූ 37000ක පිරිසක්, එම යුගයේ ජන නායකයන් හා ඊට කැපවූ සියලු ජනතාව සිහිකිරීම උදෙසා මෙම සෑය ඉදිකරන්නේ ඉතිහාසයේ වසර 865කට පසුවයි. මීට පෙර මහසෑයක් ඉදිවුණේ පොළොන්නරු යුගයේ දී එනම් 152-186 සමයේ මහාපරාක්‍රමබාහු රජු විසිනි. එය දෙමළ මහා සෑයයි.
 
දාගැබ සඳහා මුල්ගල තැබුණේ 2010 නොවැම්බර් 22වැනිදාය. ගර්භයේ ධාතු නිධාන උත්සවය 2014 නොවැම්බර් 23වැනිදා භික්ෂූන් දහස්ගණනක් සහභාගී වූ රාජකීය උළෙලක්ව සංවිධානය කෙරිණි. මේ වසරේ නොවැම්බර් මාසය වන විට හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය වෙනුවෙන් එහි කටයුතු කරමින් පවතී. ලබන වසර වන විට සඳහිරුසෑයේ කොතේ වැඩ අවසන් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
 
දාගැබ ඉදිකිරීම සඳහා අලු හුණු මෙට්‍රික් ටොන් 11165ක්, සිමෙන්ති කොට්ට  171,000ක් සහ වැලි කියුබ් 15,000ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
 
මෙම සෑය සඳහා බෞද්ධ  සැදැහැවතුන්නේ ආධාර මුදල් හා හමුදා සාමාජිකයින්ගේ දායක මුදල් යොදාගැනේ. නිදහස් දිනය දා අනුරාධපුර මහ නගර සභාවේ බෞද්ධ සංගමයේ සාමාජිකයෝ 250ක පමණ පිරිසක් එහි ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබාදුන්හ. 



අදහස් (5)

සඳ-හිරු සෑයේ හතරැස් කොටුව ඉදිවෙමින්

Adhrof Thursday, 04 February 2021 08:00 AM

රටට අවශ්‍යම දෙයක්...

:       12       34

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 February 2021 03:34 AM

මේවා ඉදිකරන එක හොඳයි. ඒත් කරුණා අම්මාන් එක දවසකට හෝ රිමාන්ඩ් එකේ තියන්න කයිවාරු ගහන කාටවත් බැරිවුණා. අනේ.. රට වෙලී තියෙන මිථ්‍යාවේ මහිමය ...

:       8       9

සෙනවි Saturday, 06 February 2021 09:24 AM

බොහෝ පවුල් ඉන්නවා හිසට වහලක් නැතිව... ඒව නොපෙනේද? තමන්ගේ පුරාජේරුවට නංවන මේවා අවශ්‍යද?

:       8       6

jayasekaraMonday, 08 February 2021 06:48 AM

දුටුගැමුණු රජ්ජුරුවොත් මහසෑය හදන දවස්වල... ඔයවගේ කතාවක් අම්බලමක් ඇතුලේ ඉන්න කෙනෙක් කිව්වා මතකයි..

:       2       0

සෙනෙවිරත්න Sunday, 07 February 2021 06:06 AM

මේකට රත්තරං කොපමණ නිධන් කළාද? ඒකෙන් කොපමණ ගහගත්තද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 581 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1012 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site