IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුනාමියේදී මිය ගිය 136 දෙනකුගේ අස්ථී කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යන කටයුතු වෙනුවෙන්

 (ජේ.කේ.එල්.චාමින්ද)

සුනාමි ඛේදවාචකයේ දි  මියගිය පුද්ගලයින් 136කගේ මළ සිරුරුවල අස්ථි කොටස් කරාපිටිය වෛද්‍ය පිඨයේ සංරක්ෂණය කර  තබා ඇති අතර එම අස්ථි කොටස්  වෛද්‍ය පිඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා යොදා ගන්නා බව   කරාපිටිය වෛද්‍ය පිඨ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සී.පී. පෙරේරා මහතා  පැවසීය.


සුනාමි ඛේදවාචකය වි මෙම මස 26 වැනදිනට වසර 14ක් සපිරෙන  අතර ඒ  පිළිබද අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය


මෙම පුද්ගලයින්ගේ මළ සිරුරුවල  අස්ථි  කොටස් හා කැබලි උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා යොදාගන්නා බවද විශේෂඥඅධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය. 


 එමෙන්ම සුනාමිය වැනි ආපදාවකදි  මියගිය පුද්ගලයින්ගේ හිමිකම  ආවරණය කිරිම සම්බන්දයෙන් ආපදා කළමණාකරණ පනතේ  සදහන් වි නැති අතර ආපදා කළමණාකරණ පනත සංශෝධනය විය යුතු බවද  විශේෂඥ වෛද්‍ය යු.සි.පි පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


 හෙතෙම මේසේද කිවේය.


සුනාමි ඛේදවාචකය වී මාස හයකට පස්‌සේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ විවිධ ප්‍රදේශවලින් හමුවු අස්‌ථින් බවට පත්වු මළ සිරුරු කොටස්‌ 136 ක ඇටකටු කරාපිටිය වෛද්‍ය පිඨයේ අදටත් තැන්පත් කරලා තියෙනවා. දළ වශයෙන් පුද්ගලයින් දහ දෙනකුගේ විතර අනන්‍යතාවය පුද්ගල සාධක වලින් හඳුනාගෙන තියෙනවා. නමුත් එවා විද්‍යාත්මක දත්තයන් මත හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්‌ෂණ කළ යුතුවෙනවා. ඒ සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා.  මෙම මළ සිරුරුවල සම්පුරණ අස්ථි කොටස් හා අස්ථි  පද්ධති නැහැ. මළ සිරුරුවල කොටස් තමයි තියෙන්නේ.‍


සුනාමි ඛෙදවාචකයෙන් පසු මියගිය දහස් ගණනක් වු ජනතාව සමුහ මිනිවල්වල් වල  මිහිදන් කළා. එම සමුහ මිනිවල්වල සංරක්ෂණය කළ යුතුයි.  ඇත්තටම සමුහ මිනිවලක්    පරික්ෂා කිරිම හා ආරක්ෂා කිරිම අමාරු කාරණයක් .සුනාමිය වැනි ආපදාවකදි  මියගිය පුද්ගලයින්ගේ හිමිකම්  ආවරණය කිරිම සම්බන්දයෙන් ආපදා කළමණාකරණ පනතේ  සදහන් වි නැහැ.

මියගිය පුද්ගලයින් අමතක කරලා තියෙනවා. ආපදාවකදි හානිවන දේපල ගැන සදහන් වෙලා තියෙනවා. නමුත්  ආපදාවකදි පුද්ගලයින් මිය යන්න පුළුවන්. අතුරුදන් වෙන්න පුළුවන්. මිය යන හා අතුරුදන් වන පුද්ගලයින් ගැන ප්‍රධාන වශයෙන්  ගතයුතු ක්‍රියාමාර්ග ගැන නිර්දේශ තියෙන්න ඕන. ‘



අදහස් (0)

සුනාමියේදී මිය ගිය 136 දෙනකුගේ අස්ථී කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යන කටයුතු වෙනුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site