
(අමදෝරු අමරජිව සහ මලිත් රාජපක්ෂ)
කන්තලේ නගරය හරහා අද දහවල් හමාගිය තද සුළගකින් නගර මධ්‍යයේ පිහිටි ටෙලිකොම් සන්නිවේදන කුළුණ ඒ අසළ පිහිටි තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැටිමෙන් පස් දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
රෝහල් ගතකළ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර ඔවුන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජී.පෝල් රොෂාන් මහතා පැවසීය.
සන්නිවේදන කුළුණ තැපැල් කාර්යාලයේ වහලයට කඩා වැටිමෙන් වහලයට දැඩිලෙස හානි සිදුවි ඇති අතර වහලයෙන් ගැලවි විසි වි ගිය කොටස් වැදිමෙන් තුවාල වු පස් දෙනාම තැපැල් කාර්යාල සේවකයන් බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙම ටෙලිකොම් පරිශ්‍රය තුළ සන්නිවේදන කුළුණු දෙකක් ඇති අතර මීට වසර 10ට පමණ පෙර ඉදිකරන ලද උසම කුළුණ තද සුළගට හසුවී මෙලෙස තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැති තිබුණි.

2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්නිවේදන කුළුණ තැපැල් සේවකයන් පහක් රෝහලට යවයි
චින්තක Wednesday, 05 July 2023 06:14 AM
රජයේ ආයතන කරන ඉදිකිරීම්වල ගුණාත්මක බව පේනවා ඒ ගමන්ම කියන්න ඕනෑ ඕක හැදුවට පස්සේ නඩත්තුවක් එහෙම කරන්න නැතුව ඇති කියලා කළා නම් ඒක තීන්ත ගෑමට සීමා වෙන්න ඇති...