IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයාගේ මේ ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද උදේ  දැනුම් දුන්නේය .

හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන්  පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර  ඇත.



අදහස් (25)

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Chinthaka Wednesday, 23 March 2022 11:04 AM

හැම ප්‍රශ්නෙටම මෙයාගේ විසඳුම ඔච්චරයි. දන්නේ හමුදාව කැඳවන්න විතරයි...

:       1       5

Lalith M Wednesday, 23 March 2022 12:45 PM

ඉස්සරහට මහජනතාවගෙන් කන්න වෙනබව තේරිලා වගේ.

:       4       18

Udhuli Wednesday, 23 March 2022 12:57 PM

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්" කොහාටද කැඳවන්නේ? මොකටද කැඳවන්නේ? මීට‍ පෙරත් කැඳෙව්‍වා.. මේ කැඳවීම හරිම ප්‍රශ්නකාරි දෙයක් තේරෙන්නේ නැහැ... දන්නා කෙනෙක් කියන්න...

:       4       27

Nandana Wednesday, 23 March 2022 01:38 PM

පව්, හොඳටම බයවෙලා වගේ...!

:       3       23

Vajira Fernando Wednesday, 23 March 2022 02:21 PM

මේක හොඳ දෙයක් නෙවෙයි. මිනිස්සු වියරු වැටිලා පාරට බහින්න ලෑස්තිවෙලා ඉන්න වෙලාවක...

:       3       26

Rexi Wednesday, 23 March 2022 02:26 PM

මහජන සාමයද? නැතිනම් රෙජීමය ආරක්ෂා කිරීමටද?

:       3       23

Sunil Wednesday, 23 March 2022 03:42 PM

ඒ ගොල්ලෝ ඇවිල්ලා නුගේගොඩ හැංගිලා ඉන්නවා.

:       3       14

Ruwan R Wednesday, 23 March 2022 04:35 PM

මොන විහිළුවක්ද? හැමදාම හමුදාව කැඳවන්නේ? කළිනුත් කීපවරක් කැඳෙව්වා නේද? ඒගොල්ලෝ නොකියා ආපහු ගිහින්ද?

:       1       18

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 March 2022 04:56 PM

"හමුදා කැඳවීම මැතිඳුනි පසෙක තබා ... ජනතාවගේ දුක දැකගමු දෙනෙත ඔබා ... නොදුටුව ලෙසින් ජනතා ගිනි විලස බබා ... ලෙසින් නොඉඳ පවසනු මැන මැදදි සබා ... "

:       0       20

naya Wednesday, 23 March 2022 05:06 PM

සර් දන්නේ ඉතින් ඔච්චර තමයි...

:       0       23

Kanthi Wednesday, 23 March 2022 05:38 PM

දැන් විකාරයෙන් තමයි ඔය දඟලන්නේ...!

:       0       18

Shamindra Perera Thursday, 24 March 2022 06:47 AM

රටේ අස්ථාවර භාවයක් පෙනෙනවා නම් හමුදාව සීරුවෙන් ස්ථානගත කිරීම වැදගත්... එහෙත් තමන්ගේ රජය සියලු වැරැදි වැඩ කරමින් ජනතාව හිඟාකන තැනට එනකොට මින් ඇතිවන ප්‍රතිචාරය වැළැක්වීමට නම් මෙය කිසිසේත් සුදුසු දෙයක් නොවන බව තරයේ කියා සිටිමි.

:       1       4

Jomba Thursday, 24 March 2022 07:24 AM

මොනවද ඔය කරන විකාර වැඩ? මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා. මෙහෙ සන්නද්ධ හමුදා කැඳවනවා. එකපාරක් කැඳෙව්වා නේද? කෝ ඒ ගොල්ලන්...? මිනිස්සු බය කරන්න එපා...

:       1       0

Joking Thursday, 24 March 2022 07:36 AM

මේ පාර කැඳෙව්වාට පස්සේවත් ජීවන වියදම අඩුවෙයිද?

:       0       2

රුක්ෂාන් Thursday, 24 March 2022 08:36 AM

තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි...!

:       2       1

Sumith Thursday, 24 March 2022 02:29 PM

විවිධ කණ්ඩායම් හැම වේලාවේම මිනිස්සුන්ව කුපිත කරවලා මහපාරට ඇදලා දාලා කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියේ පාලනයක් තිබිය යුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නැත්නම් ඒක ලොකු බාධාවක්...!

:       8       3

S.Dissanayake Thursday, 24 March 2022 08:04 PM

හොඳ අදහසක්... ජනතාව කුපිත කරන සමහර අයගේ පාරට බැයීම් නතර් කිරීමට නම්..!.

:       8       2

Dgrasika Thursday, 24 March 2022 09:01 PM

JVP එකට කලිනුත් වුණේ ඔය ව⁣ගේ සීන් එකක් තමයි...

:       3       3

Vishaka Friday, 25 March 2022 12:23 AM

ඔහොමම හමුදාවට රට බාර දීලා 225 ගෙදර යවන්න.. සිහි විකාර වුණු වැඩිහිටියන් මහලු නිවාස වලට ගාල් කරලා රට හදන වැඩේ අපේ විරුවන්ට දෙන්න...

:       1       1

Msae Friday, 25 March 2022 07:34 AM

අනාගත්තට පස්සේ දැන් බයවෙලා...

:       1       1

කිත්සිරි Friday, 25 March 2022 07:35 AM

කිත්සිරි ඇයි හමුදාවේ ඉන්නේ මේ රටේ මිනිස්සු නෙවෙයිද...?

:       0       1

SunethraKumari Dissanayake Friday, 25 March 2022 10:30 AM

දියුණු රටවල් දියුණු වුනේ රට වැසියන් හොඳ නිසා. පාලකයින්, පාලිතයින් සහ නිලධාරීන් හොඳ වෙන්න ඕනෑ. උදේ වෙන දේ හවසට අමතක වෙන ජාතියක්... හමුදාව තියෙන්නේ පොල් ගාන්න නෙමෙයි. ඡන්දයෙන් බලය දුන්නේ කාලයට පෙර පාර පුරා මේ දඟලන්නේ කවුද ? 1948 ආසන්නයේ ඉන්දියාවේ නිදහස පතා සිදුවූ දරුණු සටන් නිසා උපතින්ම කාරුණික, බුද්ධිමත් තැනැත්තියක් වූ දෙවන එලිසබෙත් රැජිණ ඉන්දියාවට නිදහස දීමට අණ කළා. ඒ සමගම ඇය විශේෂයෙන් ප්‍රියකළ රටක් වූ සිංහල බෞද්ධ රාජධානිය නියම උරුමක්කරු සොයා බාරදීමටත් අණකළා. එය ඉවවැටුණු කොළඹ අවට සිටි කෛරාටික අවස්ථාවාදී 1800ටත් පෙර සිට සුද්දන්ට කත් ඇද්ද සිංහල, දෙමළ සහ මුස්ලිම් කළු සුද්දන් පිරිසක් රැජිණ හමුවීමට නැවෙන් ගොස් ඇය රවටා අධිරාජ්‍යයන් තුනකට ට්‍රිලියන දහස් ගණන් මුදල් පොම්ප කරපු කිසිවෙකුට ණය නැති ආදායම් ගලා එන රටක් තම සාක්කුවට දා ගත්තා. එදා සිට බොරුවෙන් හොරකමෙන් කුමන්ත්‍රණයෙන් සහ අපරාධයෙන් රට, ජාතිය, ආගම විකුණන් කෑම ආරම්භ වුණා...

:       5       3

sampath Saturday, 26 March 2022 05:52 PM

මුලින් කැඳවපු අවස්ථාවල්වල ආවේ නැද්ද? ආයෙත් කැඳවන්නේ මේක හමුදා ප්‍රශ්නයක් නෙවෙයි... මේකට කැඳවන්න ආර්ථික විශෞෂඥයින් සහ විදේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති උගතුන් කැඳවන්න ඕනෑ කෙනාවත් කොහොමද ප්‍රශ්න විසඳන්නේ. ජනතාව නම් වැහි නැති හෙණ කැඳවනවා.

:       0       0

පොඩි_එකා Saturday, 26 March 2022 07:29 PM

හමුදාවේ සේවය කරන හමුදා නිලධාරින්ට මේ දුක පේන්නේ නැද්ද? මේ අය අන්ධද, බීරිද? පවුලක් නැද්ද? ඇයි මේ වගේ නියෝග දෙන අයවලුන්ගේ නියෝගයන් පිළිපදින්නේ? මේ රජය පට්ට ෆේල් වෙච්ච රජයක්. රට ගැන බලනකොට හරි දුකයි.

:       0       0

සනුජ අකාශ් Saturday, 26 March 2022 11:34 PM

හේතුවක් නැතුව සල්ලි නාස්ති කරන එක බොරු වැඩක්... අනික අපේ හමුදාව තව ශක්තිමත් කරන්න ඕනෑ.. නැත්තන් ලෝකය ඉදිරියේ නිකන්ම නිකන් ඉත්තෙක් වෙනවා විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site