




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)





(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකුලව හෙට(29) දින උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීම සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පලාත ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
ශ්‍රී පාද අවාරයේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලා බද්දල සහ රත්නපුර රජමාවත ඔස්සෙත් වැඩම කිරීම අද(28) උදෑසන ආරම්භ කෙරිණි.
රාජානුග්‍රහය ඇතිව රිය පෙරහැරවල් දෙකකින් බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, අව්ස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සෙත් වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ අද පස්වරු 6.00 ට පමණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරන ලද අතර, ඉන්පසු යුද හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා (28) දින වැඩම කිරිම ආරම්භ කරන ලදී.
හෙට(29) දින අලුයම උදුවප් පොහෝ දිනයේ සුභ නැකතක් අනුව චාරිත්‍රනුකුලව ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරන බවත්, නිරෝධායන නීති වලට ප්‍රමුඛතාවය ලබා දී ශ්‍රී පාද උඩ මළුවේ සිමිත පිරිසක් පමණක් සහභාගී කරවා ගන්නා බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ කියා සිටියහ.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සධාතුක කරඩුව - සමන්දේව ප්‍රතිමාව - දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට වැඩම කෙරේ