
(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැලැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.
2019 සිට මෙරට පොල් වගාවටත් ඉන් අනතුරුව පලතුරු හා එළවළු වගාවටත් සුදු මැස්සාගේ හානිය බරපතල ලෙස සිදුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සුදුමැස්සගේ හානිය පාලනය සඳහා ස්වභාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක් වන Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් පර්යේෂණායතනයට හඳුන්වා දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද සිදුවිය.
සුදු මැස්සා පාලනය සඳහා හඳුන්වා දී තිබෙන නව පරපෝෂිතයා හඳුනාගනු ලැබ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා විසිනි.
මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර වල ගුණනය කිරීම මගින් නොමිලයේ ම ගොවීන්ට ලබා දීමට කටයුතු සුදානම් කර ඇතැයි ප්‍රභාත් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.
මෙම පරපෝෂිතයා ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණ නිසා පොල් වගාවෙි පැවැති සුදුමැස්සන් ගහනය සියයට 95 සිට සියයට පහ දක්වා අවම වූ බව ද අනාවරණය වී තිබෙි.
(රුසිරු කොළඹතන්ත්‍රි)
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදු මැස්සා මට්ටු කරන්න ’’චණ්ඩියෙක්’’
mahinda Tuesday, 27 June 2023 01:17 PM
සුදු මැස්සා පොල් වගාවට කරන හානියට වඩා හානියක් පරපෝෂිත ජඩ දේශ පාලකයින් මවු බිමට කරමින් සිටී උන්ව වඳ කරන්න පරපෝශිතය යකු සොයා ගන්නේනම් මේ අසිරිමත් මවු බිමේ වත්මන් හා අනාගත පරපුර සුරකෙනු ඇත.
pakeer Tuesday, 27 June 2023 08:34 PM
ලොකු දෙයක්...ඔබ තුමාට හුගාක් පින්. වැඩි වැඩියෙන් නුවන පහල වෙවා! එත් ගොවීන්ට විතරක් නෙමි...පොල් වගාවට හානි වෙලා තියෙන ප්දේශ බලල...මෙ පරපොශිත්යාව...මුදා හරින්න.