IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුදු කතගේ කැමරාව ඉස්සූ වන නියාමක දැලේ

(එම්.කේ.නන්දසේන)

එංගලන්ත ජාතික කාන්තාවක් බුත්තල කතරගම මාර්ගයේ වනජීවි මුරපොල අසල වැසිකිළියට ගිය අතරවාරයේ ගමන් මල්ලේ  තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා කැමරා උපකරණ කට්ටලයක් සොරකම් කොට ඇති බවට කර තිබූ පැමිණිල්ලක් මත වනජීවී නියාමකවරයෙකු  අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි.

එංගලන්ත ජාතික මෙම කාන්තාව ඇයගේ මිතුරෙකුද සමගින් ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් මස 22 දාය. 

ඇය පසුගිය (05)දා කතරගම ප්‍රදේශයේ සංචාරය කොට ඊයේ (06) සෆාරි ජීප් රථයකින් කතරගම බුත්තල මාර්ගයේ සංචාරය කොට ඇත. ‍ෙමෙම කාන්තාවට වැසිකිළි යාමේ අවශ්‍යතාවය මත ගල්ගේ වනජීවි මුරපොළ වෙත පැමිණ වැසිකිළියට ගිය අතරවාරයේ මෙම කැමරා උපකරණ සොරකම් කොට ඇති බවට පැමිණිල්ලේ දැක්වේ.

අදාළ පැමිණිල්ල මත ගල්ගේ වනජීවී මුරපොළේ සේවයේ නියුතු වනජීවි නියාමක වරයෙකු කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය. 

 



අදහස් (2)

සුදු කතගේ කැමරාව ඉස්සූ වන නියාමක දැලේ

පිටිගල මිලානෝ Tuesday, 07 March 2023 03:06 PM

පිටරට ඉන්න අපට හතරවිලිලජ්ජාවේ බෑ… සංචාරක කෙෂ්ත්‍රයේ ප්‍රබලයින් වහාම ක්‍රියාමාර්ගයක් ගන්න පොලිසියත් එක්ක එකතුවෙලා. අප රටට එන සංචාරකයින්ගෙන් සියයට අටත් මෙරට තුල සිදුවන අපරාධයක වින්දිතයින් වෙනවා. මෙහෙම ගියොත් ළගදීම ඒකත් හබක්…..

:       0       0

Bamunuarachchi Tuesday, 07 March 2023 05:48 PM

වනජිවි නියාමකලාගේ ඉතිරි වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? පට්ට හොරෙක් ගොන් හරකෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site