IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සීදුව කාන්තා මරණයට සැකපිට අයෙක් අත්අඩංගුවට

(තිස්ස කොටින්කඩුව)

සීදුව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේ කැලෑ පල්ලිය මාර්ගයේ දේවස්ථානයක් ඉදිරිපිට කානුවක ඊයේ (28) දින මරා දමා තිබු කාන්තාවකගේ මරණය පිළිබදව ඇගේ අනියම් පුරුෂයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ සැගව සිටියේදී සැකපිට අද (29) අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.

සැකකරු සීදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවයේ නියුතු 40 හැවිරිදි අයෙකු බවත්  ඔහු දිගු කලක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ අනියම් පුරුෂයා වශයෙන් සිට ඇය සමග එකට ජීවත්ව ඇති බවත් විමර්ෂණ කටයුතු වලදී අනාවරණය වු බව පොලිසිය සදහන් කරයි.

මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාමිනි රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බන්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර,පොලිස් සැරයන් 70136 තරංග,පොලිස් කොස්තාපල් වරුන් වන 27180 බණ්ඩාර,66302 රණසිංහ යන නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

මියගිය අයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා මීගමුව රෝහගේ මෘත ශරීරාගායේ තබා ඇත.සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සීදුව කාන්තා මරණයට සැකපිට අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site