IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුදර්ශනිගේ සහාය සජිත්ට

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් තමන් සමගි ජන බලවේගය හා එක්වූ බව ඇය සඳහන් කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු ඇය මෙලෙස සමගි ජන බලවේගය හා එක්විය.

කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජලනි ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (12)

සුදර්ශනිගේ සහාය සජිත්ට

සෞදි-සිංහ Sunday, 11 August 2024 11:28 AM

මහින්ද, රනිල්, සජිත් තුන්දෙනාගෙන් කෙනෙකුගේ සරණ යනව හැර වෙන මොකක්ද නේද.

:       3       39

Ww jc kumara Sunday, 11 August 2024 11:31 AM

කැතයි

:       6       27

යහපාලනේ Sunday, 11 August 2024 11:32 AM

අන්රයියෙ ඔය අර ඔයා කියපු පරන කොබෙයියෝ නෙවෙයි, පුතානෝට එන අලු චන්ද හොදේ, බයද....

:       28       8

K. Ranaweera Sunday, 11 August 2024 12:54 PM

ඉගෙනගත් කාන්තාවක් හැටියට ඇයට අනාගතය ගැන කියන්න පුළුවන්...

:       32       8

Pradeep Kumara Sunday, 11 August 2024 01:17 PM

තමන්ගේ ගෞරවය නැතිකර ගත් තවත් එක් වෘත්තීය වේදිනියක්

:       5       32

Kumarage Sunday, 11 August 2024 01:28 PM

බොරු බෙහෙත් ඇමැතියාට ඡන්දෙ දීපු දොස්තර නෝනෙක්...!

:       2       31

සෙනෙවිරත්න Sunday, 11 August 2024 01:35 PM

ඉගෙනගත් කාන්තාවෝ කියන්නේ අර පලා බෙද බෙදා ඉන්නකොටත් මහින්දලා එක්කම ලැගීමද? මතකද රජයේ තනතුරක් නොදී ඇරියා. අනුර මේවාට බය වෙන්න මෙයාලත් ඡන්ද පදනමක් ඇති අයද, එහෙට මෙහෙට පනිනවා හැර...

:       4       22

Kazi Shajahan Sunday, 11 August 2024 01:45 PM

ඔව් දැන් යන්න තියෙන්නේ රනිල්ගේ හෝ සජිත්ගේ අම්බලමට තමයි. NPP කොහොමත් ගන්නේ නැහැනේ...

:       5       25

fairoos Sunday, 11 August 2024 01:58 PM

කවුරු එහෙ මෙහෙ කොහෙ ගියත් මෙදාපාර ජනතාව මාලිමාවට...!

:       12       25

sunimal Sunday, 11 August 2024 03:00 PM

මනුස්සයා මැරුණු නිසා දේශපාලනේට ආවට මෙයා දන්නා දේශපාලනයක් නැහැ. කරපු කෙන්ගෙඩියකුත් නැහැ. පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපු දවසේ කතානායකගේ පුටුව වටකරගෙන හිටපු දෙතුන්දෙනා අතරේ මෙයත් හිටියා. ඉතින් මොකටද මෙයාගේ උගත්කම්. මෙදා පාර කොහොමත් පාර්ලිමේන්තුවෙන් විසිවෙන චරිතයක්...!

:       1       25

ගමේ එකාලා Sunday, 11 August 2024 03:11 PM

සහය නම් ඕනෑ කෙනෙකුට දෙන්න බැරියෑ. ඡන්දේ දෙන්නේ කාටද කියලා තීරණය තියෙන්නේ ජනතාව අතේ...?

:       2       26

Chandra Sunday, 11 August 2024 04:46 PM

ඇත්තටම කනගාටුයි. උගත්තු, හොර සල්ලිත් එක්ක කලවම් වෙද්දී... රටට ගිය කලක්...

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site