(සිතුම් චතුරංග සහ උපුල් හේරත් )
වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි.
උපන්දින සාදයක් අතරතුර මුහුණු අාවරණයකොට කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිස සාදයේ සිටි පිරිසට පහරදී නිවසේ සිරකොට අැතැයි පොලිසිය කියයි.
අදාල පිරිස නිවසේ සිරකොට සිටියදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට අැති අතර එ සමගම නිවස ගිනිගැනීමකට ලක්ව අැති බවත් ගින්නෙන් නිවස අැතුලත සම්පූර්ණයෙන් හානි සිදුව අැති බවත් පොලිසිය පැවසීය.
ගින්නත් සමඟ සාදයේ සිටි නවදෙනකු නිවසින් පිටතට පැන දිවිබේරාගෙන ඇති අතර වවුනියාව තෝනිකල්, සර්කියුලර් මාර්ගයෙ පදිංචි ෆාතිමා සම්මා සෆීදීර් (21) තරුණිය පහරදීමෙන් හා ගිනිගැනීමෙන් තුවාල ලබා නිවසතුල මියගොස් අැතැයිද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සාදයට ප්‍රහාරයක්:තරුණියක් මරුට:9ක් රෝහලට
Nimal Sunday, 23 July 2023 09:23 PM
කාටද මේවා කියන්නේ ?කවද්ද මේවා ඉවර වෙන්නේ ?