IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුදුමැස්සා මට්ටු කරන්න විලෝපිකයන් බෙදයි

(අංජුල මහික වීරරත්න)

පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිකයා අඩංගු පැකට් ලක්ෂ 3ක් මෙම වසර තුළ බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

පොල් වගාවට සුදු මැස්සාගෙන් සිදුවන හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවන අතර බස්නාහිර පළාත හා තවත් ප්‍රදේශ කිහිපයක වර්ෂාව නිසා මෙම හානියේ යම් අවම වීමක් වාර්තාවී ඇත.

සුදුමැස්සා වැඩිපුර කහ පැහැයට ආකර්ෂණය වීමක් දක්නට ඇති බැවින් පොල් වගාවට වඩා තැඹිලි වගාවට විශාල හානියක් සිදු කරයි.

මේ වනවිට සුදුමැස්සාගේ හානියට ලක් වූ පොල් හා තැඹිලි ගස් 1,051,323කට මෙම ප්‍රතිකාරය ලබා දී තිබේ.

 



අදහස් (3)

සුදුමැස්සා මට්ටු කරන්න විලෝපිකයන් බෙදයි

Perera Friday, 02 August 2024 01:22 PM

රට වනසන වසංගත දේශපාලුවන් මට්ටුකරන්නත් ඔය වගේ මුකුත් නැද්ද?

:       1       14

Bunny PreenaSaturday, 03 August 2024 09:19 AM

සැප්තැම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රී වෙනකොට එම වසංගතයත් සම්පූර්ණයෙන්ම අවසාන කරන්න පුළුවන් වෙයි.

:       0       0

Bunny Preena Saturday, 03 August 2024 09:17 AM

විලෝපිතයාත් පොල් වගාවට වහ වැටිලා ඒ අයත් මහා විනාශයක් කරන්නට පටන් ගනීද දන්නේ නැහැ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site